Home » අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය 15දා විවෘත කරනවා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය 15දා විවෘත කරනවා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

by sachintha
March 13, 2025 4:49 pm 0 comment

 

වසා දමා ඇති අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය මෙම මස 15 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) ප්‍රකාශ කළාය.

අගමැතිනිය මේ බව සඳහන් කළේ සර්වජන බලය පක්ෂයේ පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර ස්ථාවර නියෝග යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අගමැතිවරිය මෙසේද කීවාය.

විශ්වවිද්‍යාලයේ පැවති නවක වධ හා වෙනත් විනය කටයුතු මත පසුගිය වසරේ ජූලි මස 19 වැනිදා වසා දැමුණා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ මා සමඟ කතා කළා.

සාකච්ඡා අනුව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කරන්න උන්වහන්සේ එකඟතාව පළ කළා. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදි කර තිබූ අට්ටාලය ඉවත් කර ගැනීමටත් උන්වහන්සේ එකඟ වුණා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT