Home » අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ

අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ

-අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය නිරීක්ෂණයකට එක්වෙමින් අගමැතිනිය කියයි

by sachintha
March 13, 2025 4:39 pm 0 comment

මේ රටේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ගැන සෑහීමකට පත්විය නොහැකි බවත්, ඒ තත්ත්වයට පත්වීමට පසුගිය කාලයේ සිදුවූ ආයතනික බිඳවැටීම් හේතු වී ඇති බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය පැවසුවාය.

අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

සෑම ක්ෂේත්‍රයකින්ම රටට අවශ්‍ය නායකයන් බිහි නොකර මේ රට වෙනස් කළ නොහැකි බව අප රජයක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් ඒ නිසා අධ්‍යාපනය නිවැරදි මඟට යොමු කිරීමට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරන බවත් අගමැතිවරිය කියා සිටියාය.

අගමැතිවරිය වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළාය.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ පළමු පියවර ලෙස දැනට සම්පූර්ණ නැති යටිතල පහසුකම් සම්පූර්ණ කරන්නත්, පවතින පුරප්පාඩු පුරවන්නත්, දැනට පවතින විෂය නිර්දේශයේ ගුණාත්මකභාවය වැඩිකරන්නත් අපි උසස් අධ්‍යාපන ආයතනවලටත් උපදෙස් ලබා දීලා තිබෙනවා.

පසුගිය කාලය පුරාවට ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවුණත් නේවාසික පහසුකම් වැඩි වෙලා නෑ. මූල්‍යමය හෝ වෙනත් ගැටලු ඒ සඳහා තියෙන්න පුළුවන්. නමුත් සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍යයන්ට නේවාසික ගැටලු විසඳීමට කුමන හෝ පියවරක් ගතයුතුයි. ඒ සඳහා ප්‍රමුඛතාව දෙන්න කියලා අපි කියලා තියනවා.

හැම ආයතනයකටම අරමුණක් තියෙන්න ඕනෑ. හාඩි විශ්වවිද්‍යාලයට වගේම හැම ආයතනයකට සුවිශේෂී බවක් තිබෙනවා. ඒ තත්ත්වය ආරක්ෂා කරගෙන අද්විතීය මට්ටමට ඒ ඔස්සේ යායුතුයි.

විවිධත්වයක් ති‍ෙයන ආයතන ගණනාවක් ඒ ආයතන තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් අරමුණ කරා යන්න කියලා මම යෝජනා කරනවා. ඉදිරි කාලයේ පාසල් අධ්‍යාපනය තුළත් අපි වැඩි ප්‍රමුඛතාවක් දෙන්නේ වෘත්තීය අධ්‍යාපනය සංවර්ධනය කරන්න. එවැනි තත්ත්වයක් තුළ හාඩි විශ්වවිද්‍යාලය වැනි ආයතනවලට වැඩි අවධානයක් ඉදිරියේදී යොමු වෙයි.

උසස් අධ්‍යාපනයෙන් පසු වැඩි ශිෂ්‍ය පිරිසක් යොමු වෙන්නේ වෘත්තීය අධ්‍යාපනයට. ඒ නිසා වර්තමාන රැකියා වෙ‍ෙළපොළට පමණක් නෙමෙයි අනාගත රැකියා වෙ‍ෙළඳපොළත් පුරෝකථනය කරමින් ඊට සුදුසු මානව සම්පත බිහිකරන්න කටයුතු කළ යුතුයි.”

නුවන් කොඩිකාර, අම්පාර සමූහ – රවීන්ද්‍ර මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT