Home » ඇඟිල්ල පාට කිරීමත් යන්ත්‍රයෙන්
හොර ඡන්ද දාන්න බෑ:

ඇඟිල්ල පාට කිරීමත් යන්ත්‍රයෙන්

by sachintha
March 13, 2025 4:16 pm 0 comment

වවුනියාව විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ සිසුවෙක් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා පහසුවෙන් කළ හැකි ආකාරයේ ඉලෙක්ටොනික් යන්ත්‍රයක් නිපදවා තිබේ.11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කපිලන් බවාන් නමැති මේ සිසුවා විසින් නිපදවන ලද ඉලෙක්ට්‍රොනික් ඡන්දය ප්‍රකාශ කිරීමේ යන්ත්‍රය මඟින් නිවැරදිව ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බව කියයි.

ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයාට කිසිම අවස්ථාවක ඡන්ද එකකට වඩා වැඩි ගණනක් භාවිත කිරීමට නොහැකි වන ආකාරයට ඇඟිල්ල පාට කිරීමේ සිට තවත් ආරක්ෂණ ක්‍රමවේද කිහිපයක් මේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍රය මඟින්ම සිදු කරන බව සිසුවා කියයි.

යන්ත්‍රය නිපද වූ ශිෂ්‍යයාගේ ඉල්ලීම මත විදුහලේ විදුහල්පතිවරයා හා ආචාර්ය මණ්ඩලය එම යන්ත්‍රය වවුනියාව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එස්.අමල්රාජ් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යාපන බලධාරින්ට විදුහලේ දී ප්‍රදර්ශනය කරනු ලැබීය.එම අවස්ථාවේදී සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ මෙවැනි යන්ත්‍රයක් මෙරට පාසල් ශිෂ්‍යයකු විසින් නිපදවා ඇති පළමු අවස්ථාව මෙය බවයි.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT