Home » සත්ත්ව සංගණනයට සහාය දෙන්න

සත්ත්ව සංගණනයට සහාය දෙන්න

-කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ

by sachintha
March 13, 2025 4:34 pm 0 comment

කෘෂි බෝග සඳහා හානි පමුණුවන වනසතුන් පිළිබඳව ලබන 15 වැනිදා පැවැත්වෙන ජාතික සංගණනයට මහජන දායකත්වය ඉතා ඉහළින් අපේක්ෂා කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම සංගණනය ජාතික වශයෙන් ඉතා වැදගත් වන අතර එමඟින් ලබාගන්නා තොරතුරු අප රටේ ඉදිරි කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා ඉතා වැදගත් බව ඒ මහතා සඳහන් කරයි.පැවැත්වෙන සංගණනය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා විසින් මේ බැව් ප්‍රකාශ කරන ලදි.

“බොහෝ කාලයක සිට අප රටේ කෘෂිකර්මාන්තයට වනසතුන්ගෙන් සිදුවන හානි වාර්තා වුණත් ඒ හානි ගැන නිවැරදි තක්සේරුවක් සිදුවී නැහැ. ‘අප රටේ කෘෂිකර්මාන්තයට වනසතුන්ගෙන් සිදුවන හානි ගැන කතා කළත් ඒ පිළිබඳ නිවැරදි දත්ත, තක්සේරු කිරීම් නැහැ. ඒ කාර්යභාරයයි මෙම සංගණනයෙන් සිදු වන්නේ. මේ සංගණනයේ ප්‍රධාන සම්පත්දායකයා වන්නේ මහජනතාවයි.මේ කටයුතු සඳහා අපේ රාජ්‍ය යන්ත්‍රණය සම්පූර්ණයෙන්ම පෙළගස්වලා තියෙනවා.දිසාපතිවරයාගේ සිට ග්‍රාම නිලධාරියා තෙක් රාජ්‍ය නිලධාරීන් මේ සංගණනයට දායක වනවා.ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් වශයෙන් රජයේ නිලධාරීන් කාණ්ඩ 04ක් ග්‍රාමීය මට්ටමින් මේ සඳහා එක්වනවා.

දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් ඒ ඒ දිස්ත්‍රික්කවලට විශේෂ කණ්ඩායම් යොදවමින් සංගණනයට මඟපෙන්වීම සිදු කරනවා. එමෙන්ම පළාත් ලේකම්වරුන් කෘෂි අධ්‍යක්ෂවරුන්, කෘෂි උපදේශකවරුන් මෙම සංගණනයට සහාය දක්වනවා. මෙම සංගණනය ජාතික වශයෙන් ඉතා වැදගත්.

ඒ සඳහා මහජන දායකත්වය ඉතා ඉහළින් අප බලාපොරොත්තු වනවා.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT