මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ ජයග්‍රහණය මාලිමාවට හිමි වන බව පුරපති අපේක්ෂිකා ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ ඇප මුදල් තැම්පත් කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඊයේ (12) පැමිණි අවස්ථාවේදී ය.
Òමැතිවරණය සඳහා ශක්තිමත් පිරිසක් අපට එකතු වෙලා ඉන්නවා. කොළඹ නගරයේ තිබූ වැඩි කොළ පාට දේශපාලනය, ජරාජීර්ණ දේශපාලනය තවදුරටත් වලංගු නෑ. ඒ බව ජනතාව පෙන්වාදී තිබෙනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ සිටම ඉතාමත් ක්‍රියාශීලි විදිහට නගරයේ, ගමේ තිබෙන ප්‍රශ්න සඳහා ඉතාමත් කඩිනමින් විසඳුම් සෙවීමට, ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට ජනතාව අතරින් බිහි වුණු නායකයින් පිරිසක් මේ වන විට ජාතික ජන බලවේග පක්ෂයේ සිටිනවා. අපේ ජනතාවාදී පාලනය වෙනුවෙන් ගතයුතු තීරණය ජනතාව මෙවරත් ගනී කියන බලාපොරොත්තුව සහ විශ්වාසය අපට තියෙනවා. කොළඹ සටන හරිම තීව්‍රයි. ඒත් පෙර තිබුණු දේශපාලනය අවලංගු නිසා මේ වෙලාවේ එම තරගය අපිට ලොකු තරඟයක් වෙන්නෙ නැහැ. මම කවුද කියා, දේශපාලනය කරන්නේ කොහොමද කියා ජනතාව දන්නවා.
ඇත්තටම අපි කොළඹ නගරය තේරුම්ගත් පිරිසක්. ඉතින් අපිට කොළඹ නගරයේ තිබෙන ආර්ථීක, සමාජයීය හා සංස්කෘතික ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන්. අපි මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙ තනි පුද්ගලයන් විදියට නෙමෙයි කණ්ඩායම් විදිහටයි.
දුලක්ෂි උඩගෙදර, නයෝමි ෂර්මිලා
ඡායාරූපය – රුක්මාල් ගමගේ