Home » සටන් විරාම යෝජනාවට යුක්රේනය එකඟ වෙයි
සවුදි සාකච්ඡාවේදී අමෙරිකාව ඉදිරිපත් කළ

සටන් විරාම යෝජනාවට යුක්රේනය එකඟ වෙයි

-අමෙරිකානු නියෝජිතයෝ අද හෙටම රුසියාවට

by sachintha
March 13, 2025 4:05 pm 0 comment

රුසියානු – යුක්රේන යුද ගැටුමට විසඳුම් සෙවීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ සටන් විරාම යෝජනාවට යුක්රේනය එකඟතාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේන සහ අමෙරිකානු නියෝජිතයන් අතර පෙරේදා සවුදි අරාබියේ ජෙඩා නුවර පැවැති සාකච්ඡාවකින් පසු දින 30ක සටන් විරාමයකට යුක්රේනය සහාය පළ කළ බවට දෙපාර්ශ්වය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. සටන් විරාම යෝජනාවට එකඟවීම නිසා නැවත යුක්රේනයට හමුදා සහ බුද්ධි සහාය ලබාදීමට අමෙරිකාව කැමැත්ත පළ කළ බව ද වාර්තා වේ. එමෙන්ම ඉතා ඉක්මනින් අමෙරිකා – යුක්රේන ඛනිජ සම්පත් ගිවිසුම ක්‍රියාත්මක කිරිමට ද දෙපාර්ශ්වය අතර එකඟතාව පළවූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව වාර්තා වේ.

යුක්රේනයේ එකඟතාව සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ සති අන්තයේදි අමෙරිකානු නියෝජිතයන් පිරිසක් රුසියාව බලා යෑමට සූදානම් වන අතර, ඉදිරියේදී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT