Home » මාස 6කට පෙර සිදු වූ මර­ළු­වාවේ ව්‍යාපා­රි­කයා ඝාත­න­යට සැක­පිට අයෙක් අත්අ­ඩං­ගු­වට

මාස 6කට පෙර සිදු වූ මර­ළු­වාවේ ව්‍යාපා­රි­කයා ඝාත­න­යට සැක­පිට අයෙක් අත්අ­ඩං­ගු­වට

බොරු කොණ්ඩ­යක් හා අවි ආයුධ පොලී­සියේ දැඩි විම­ර්ශ­න­යට

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

කුරු­ණෑ­ගල අති­රේක පුෂ්ප­කු­මාර ජය­රත්න

මීට මාස 6කට පමණ ඉහ­තදී කුරු­ණෑ­ගල මර­ළු­වාව ප්‍රදේ­ශ­යේදී  ව්‍යාපා­රි­ක­ය­කුට වෙඩි තබා ඝාත­නය කිරීමේ සිද්ධි­යට සම්බන්ධ විය හැකි බවට සැක කරන පුද්ග­ල­යකු පේරා­දෙ­ණිය පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගැනිණි.

හිටපු පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු බව කියන මෙම සැක­කරු, කුරු­ණෑ­ගල, මාව­ත­ගම, කොටි­කා­පොළ ප්‍රදේ­ශයේ වත්තක පදිං­චිව සිට ඇත. සැක­කරු තවත් කිහිප දෙනකු සමඟ එක්ව නීති විරෝධී ආකා­ර­යට දඩ­යමේ යෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පසු­ගි­යදා (9) දින පේරා­දෙ­ණිය පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. එහිදී පොලී­සිය සැක­කාර හිටපු පොලිස් නිල­ධා­රි­යා­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලින් අන­තු­රුව සිදු කළ සෝදි­සි­ය­කදී ඔහු වාසය කරන කොටි­කා­පොළ වත්තේ පිහිටි නිවෙ­සක සඟවා තිබූ පත­රොම් තුවක්කු 4ක්, ඒවාට යොදන ජීව උණ්ඩ තොග­යක්, රිවෝ­ල්ව­ර­යක් හා ඊට යොදන ජීව උණ්ඩ කිහි­ප­යක් ද බොරු කොණ්ඩ­යක්ද සොයා­ගෙන තිබේ. සැක­කරු රැඳී සිටි එම නිවෙස සමඟ වත්ත ද වෙනත් පුද්ග­ල­ය­කුට අයත් වන අතර, මොහු දිගු කාල­යක සිට එම නිවෙසේ රැඳී සිටි­මින් වත්ත පාල­නය කර ඇති බව අනා­ව­ර­ණය විය. එම නිවෙසේ ස්ථාන කිහි­ප­ය­කම සඟවා තිබි­යදී ගිනි­අවි සහ උණ්ඩ සොයා­ගෙන තිබිණි.

මීට වසර 20කට පමණ ඉහ­තදී ඉම­හත් ආන්දෝ­ල­න­ය­කට තුඩු­දුන් කොටි­කා­පොළ ප්‍රදේ­ශයේ එකම පවු­ලක සාමා­ජි­ක­යන් තිදෙ­නකු ටී 56 ගිනි­අ­වි­ය­කින් වෙඩි තබා ඝාත­නය කිරීමේ සිද්ධි­යට සම්බන්ධ ප්‍රධාන සැක­කරු ලෙස මෙම සැක­කාර හිටපු පොලිස් නිල­ධා­රියා එම වක­වා­නු­වේ­දීම සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. ප්‍රමා­ණ­වත් සාක්ෂි නොමැති වීම හේතු­වෙන් ඒ සම්බ­න්ධ­යෙන් පැවැති නඩු විභා­ග­යේදී ඔහු චෝද­නා­ව­ලින් නිද­හස් කරනු ලැබීය. ඝාත­න­යට ලක්වූ තිදෙනා වයඹ පළාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රිනී කුමාරි ඒක­නා­ය­කගේ පවුලේ සාමා­ජි­කයෝ වූහ. සැක­කරු සිටි නිවෙසේ තිබී හමුවූ බොරු කොණ්ඩය පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර­මින් විම­ර්ශන මෙහෙ­යවූ මාව­ත­ගම පොලී­සියේ සහ කුරු­ණෑ­ගල කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන්ට මර­ළු­වාව ව්‍යාපා­රි­ක­යාගේ ඝාත­න­යට ද මෙම සැක­ක­රුගේ කිසි­යම් සම්බ­න්ධ­යක් ඇති­දැයි සැක පහළ වී තිබේ. ඝාත­න­යට ලක්වූ ව්‍යාපා­රි­ක­යාට අයත් කුරු­ණෑ­ගල පව­ත්වා­ගෙන ගිය ව්‍යාපා­රික ස්ථාන­යක සේවය කළ බව කියන කාන්තා­වක් මෙම සැක­කරු සමඟ සමීප සබ­ඳ­තා­ව­යක් පව­ත්වා­ගෙන ගිය බවට තොර­තුරු ද පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ. මෙම කාන්තාව ඝාත­න­යට ලක්වූ ව්‍යාපා­රි­කයා සමඟ ද අනි­යම් සම්බ­න්ධ­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවත්, ඇය මෙම සැක­ක­රුගේ සොයු­රිය වෙසෙන කොටි­කා­පොළ ප්‍රදේ­ශ­යේම නිවෙ­සක වාසය කරන බවත් වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී ඇත.

ඝාත­න­යට ලක්වූ ව්‍යාපා­රි­කයා කුරු­ණෑ­ගල වැවේ පව­ත්වා­ගෙන ගිය ⁣බෝට්ටු සේව­යක් ඇතුළු ව්‍යාපාර කිහි­ප­ය­කම හිමි­ක­රු­වෙකි. ඔහු කුලී පද­නම මත කුරු­ණෑ­ගල මර­ළු­වාව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි නිවෙසේ ඉහළ මාලයේ ⁣සොල්ද­රයේ තම බිරිය සමඟ රැඳී සිටි­යදී වෙඩි තබා ඝාත­නය කර තිබිණි. එහිදී ඔහුගේ විවා­හක බිරිය ද වෙඩි වැදී­මෙන් බර­ප­තළ තුවාල ලැබූ අතර, වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි­අ­වි­යක් යොදා­ගෙන තිබුණි. මේ සඳහා පුද්ග­ල­යන් සිවු දෙනකු පමණ පැමි­ණෙ­න්නට ඇතැයි සැක කරන අතර, ඝාත­ක­යන් පැමිණි ආකා­රය හෝ පලා­ගිය ආකා­රය පිළි­බ­ඳව කිසිදු තොර­තු­රක් මෙතෙක් අනා­ව­ර­ණය වී නැත. මේ හේතු­වෙන් එම ඝාත­නයේ සැක­ක­රු­වන් පිළි­බ­ඳව තොර­තුරු සප­ය­න්නන් හට මුදල් ත්‍යාග­යක් පිරි­න­මන බවට ද පොලිස් මූල­ස්ථා­නය විසින් ප්‍රසිද්ධ කරනු ලැබීය. ඝාත­න­යට ලක්වූ ව්‍යාපා­රි­කයා සොර­ක­මක් සම්බ­න්ධ­යෙන් කලක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි අයකු වන බැවින් ඔහුගේ ඝාත­න­යට පාතා­ලයේ කිසි­යම් සම්බ­න්ධ­යක් තිබේද යන සැකය ද විම­ර්ශ­න­ව­ලට යොමුව තිබුණි.

මීට අම­ත­රව එම ව්‍යාපා­රි­කයා ඝාත­නය සඳහා පැමිණි සැක­ක­රු­වන් පිරි­සව ව්‍යාපා­රි­ක­යාගේ දරු­වන් දෙදෙනා පැහැ­දි­ලිව දැක තිබූ අතර, එහිදී වෙඩි තැබීම සිදු කළ පුද්ග­ලයා දිගු කොණ්ඩ­යක් වවා­ගෙන සිටි අයකු බවට ඔවුන් පොලී­සි­යට ලබාදී තිබූ ප්‍රකා­ශ­වල සඳ­හන්ව තිබී ඇත. ඒ අනුව එම ඝාත­න­යට පැමිණි එක් සැක­ක­රු­වකු බොරු කොණ්ඩ­යක් පැලැඳ සිටි­න්නට ඇතැයි සැක කරන අතර, අත්අ­ඩං­ගු­වට ගෙන සිටින සැක­ක­රුගේ නිවසේ තිබී හමුවූ බොරු කොණ්ඩය ඊට සම්බ­න්ධ­යක් තිබේ­දැයි යන්න පිළි­බ­ඳව මේ වන විට වැඩි­දු­ර­ටත් විම­ර්ශ­නය කර­මින් පවතී. සැක­කරු කලක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සහ තවත් පොලිස් ස්ථාන කිහි­ප­ය­කම සේවය කළ අයකු වන අතර, මඩ­ක­ල­පුව ප්‍රදේ­ශයේ පොලිස් ස්ථාන­යක සේවය කර­මින් සිටි­යදී කාන්තා­වක් හා සම්බන්ධ  සිද්ධි­යක් හේතු­වෙන් සේව­යෙන් නෙරපා හරින ලද අයකු බවද පැවසේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT