මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් දුම්බර මිටියාවතේ පැසුණු කරාබු අස්වැන්න නෙළා ගැනීමට බාධා එල්ලවී ඇතැයි කරාබු ගොවියෝ පවසති.
මෙවර දුම්බර මිටියාවතේ ගෙවතුවල වගා කර තිබෙන කරාබු වගාවල ගොවීන් නොසිතූ ලෙස කරාබු අස්වැන්නක් ලැබී තිබේ. කරාබු ගස් නැඟ කරාබු කිලෝවක් නෙළීමට කම්කරු කුලිය වශයෙන් කිලෝවකට රුපියල් දෙසිය පනහේ සිට රුපියල් තුන්සීය දක්වා මුදලක් ගෙවන අතර, ඇතැම් කම්කරුවෝ දිනකට කිලෝ හතළිහක්, පනහක් නෙළා ගනිමින් විශාල මුදලක් උපයා ගනිති. වර්ෂාව පවතින මෙම දිනවල කරාබු ගස් නැඟීම ඉතාම අවදානම් බවත්, ගස් නැඟ අස්වනු නෙළීමට නොහැකි ලෙස ගස් ලිස්සනසුලු වීමෙන් අවදානමක් මතුව ඇති බවත් කරාබු ගොවියෝ කියා සිටිති.