Home » ගොයම් මැෂි­මට යට­වුණු තරු­ණයා සොයු­රාගේ උපන් දිනය දා අව­සන් ගමන් යයි

ගොයම් මැෂි­මට යට­වුණු තරු­ණයා සොයු­රාගේ උපන් දිනය දා අව­සන් ගමන් යයි

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

වැලි­ගම සමූහ ටී.කේ. මහින්ද

වැලි­ගම පොලිස් වසමේ වැලි­පි­ටිය මූණ­මල්පෙ ප්‍රදේ­ශයේ ගොයම් මැෂි­මක් පෙර­ළී­මෙන් ඊට යටවී තරු­ණ­යෙක් ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබේ.

මෙසේ මිය­ගොස් ඇත්තේ වැලි­පි­ටිය, මූණ­මල්පෙ, ඒ.කේ. කැලුම් චාමර නමැ­ත්තෙකි. තව­මත් අවි­වා­හ­කව දිවි ගෙවන කැලුම් වැලි­පි­ටිය ප්‍රදේ­ශයේ කුඹු­රක් කප­න්නට ඉකුත් 8 වැනිදා උදෑ­සන පිටත්ව තිබූ අතර, කුඹු­රට යන්ත්‍රය දැමී­මේදී එය පෙරළී ඊටම යට­වී­මෙන් මෙසේ ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබිණි. වහාම ක්‍රියා­ත්මක වූ ප්‍රදේ­ශ­වා­සීන් තුවා­ල­කරු මාතර මහ රෝහ­ලට ගෙන­යෑ­මට කට­යුතු කළද රෝහ­ලට ඇතු­ළත් කරන විටත් ඔහු මිය­ගොස් තිබිණි.

පියා නොමැති පවුලේ බර කරට ගෙන කට­යුතු කර ඇත්තේ 32 හැවි­රිදි වියේ පසුවූ කැලුම් බවත්, ඔහුගේ බාල සොයුරා තෙලි­ජ්ජ­විල මහා විද්‍යා­ලයේ 11 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන අතර, ඔහු මෙවර අ.පො.ස (සා/පෙළ) විභා­ග­යට මුහුණ දීමට සූදා­න­මින් සිටින බවත් ප්‍රදේ­ශ­වා­සීහු සඳ­හන් කළහ. ඔවුන් වැඩි­දු­ර­ටත් කියා සිටියේ, තරු­ණයා මිය­ගොස් තිබුණේ, සොයු­රාගේ උපන් දිනය යෙදී තිබූ දිනම වන අතර, ඔහු උප­න්දින සැම­රුම පස්ව­රුවේ ගන්නට සූදා­න­මින් සිට ඇති බවයි. ඔහුගේ මව ඒ සඳහා බටර් කේක් කිලෝ­වක් ද රැගෙන නිවෙ­සට පැමිණි මොහොතේ මෙම අන­තුර සම්බ­න්ධ­යෙන් දැන­ග­න්නට ලැබී තිබිණි.

කැලුම්ගේ දේහය මිහි­දන් කිරී­මට පවුලේ සුසාන භූමිය තුළ ඉඩක් නොවුණු බැවින් ප්‍රදේ­ශයේ ඉඩම් හිමි­යකු දේහය තැන්පත් කිරී­මට ඉඩ ලබා දී තිබේ. ප්‍රදේ­ශ­වා­සීන්ගේ සහ­යෝ­ග­යෙන් අව­සන් කට­යුතු සිදු කිරී­මට පිය­වර ගෙන තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT