Home » දෙව­රක් බන්ධ­නා­ගා­රයේ සිට ඇවිත් යළිත් අයිස් විකු­ණලා

දෙව­රක් බන්ධ­නා­ගා­රයේ සිට ඇවිත් යළිත් අයිස් විකු­ණලා

by Gayan Abeykoon
March 12, 2025 4:01 pm 0 comment

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ

මත්ද්‍රව්‍ය ජාවා­රම් කිරීම සම්බ­න්ධ­යෙන් දෙව­රක් බන්ධ­නා­ගා­ර­ග­තව සිට නිද­හස්ව පැමිණි පුද්ග­ල­යකු රුපි­යල් ලක්ෂ පන­හක් පමන වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොග­යක් සහ ජාවා­රම් කර උපයා ගත් රුපි­යල් එක්ලක්ෂ හාර­ද­හ­සක මුද­ලක් සමග ගාල්ල, හියාරේ ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගත් බව ගාල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය පැව­සීය.

එම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ සැර­යන් බටු­වත්ත (13215) මහ­තාට ලැබුණ තොර­තු­ර­කට අනුව සැක­ක­රුගේ නිවෙස පරීක්ෂා කිරී­මේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 355 මිලි­ග්‍රෑම් 351ක් සොයා ගැනී­මට හැකිව තිබේ. සැක­කරු විසින් මත්ද්‍රව්‍ය විකුණා උපයා ගනු ලැබූ රුපි­යල් එක්ලක්ෂ හාර­ද­හ­සක  මුද­ලක් ද සැක­කරු සන්ත­කයේ තිබී පොලී­සිය විසින් සොයා­ගනු ලැබිණි. 35 හැවි­රිදි සැක­කරු එක්දරු පියෙකි. හෙරො­යින් ජාවා­රම් කිරීම සම්බ­න්යෙන් මීට පෙර ගාල්ල මහා­ධි­ක­ර­ණ­යෙන් නියම කරන ලද දඬු­වම් අනුව දෙව­රක් බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇති සැක­කරු පසු­ගිය අප්‍රේල් මාසයේ නිද­හස්ව පැමිණ ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. ඊට පසුව නැව­තත් හෙරො­යින් ජාවා­රම කර­ගෙන ගොස් ඇති මොහු පැක­ට්වල අසුරා ඊසි­කෑෂ් ක්‍රම­යට අයිස් මත්ද්‍රව්‍ය ජාවා­රම කර­ගෙන ගොස් ඇතැයි ද පොලී­සිය සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT