මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දෙවරක් බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි පුද්ගලයකු රුපියල් ලක්ෂ පනහක් පමන වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ ජාවාරම් කර උපයා ගත් රුපියල් එක්ලක්ෂ හාරදහසක මුදලක් සමග ගාල්ල, හියාරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසීය.
එම අපරාධ විමර්ශන කාර්යාංශයේ සැරයන් බටුවත්ත (13215) මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 355 මිලිග්‍රෑම් 351ක් සොයා ගැනීමට හැකිව තිබේ. සැකකරු විසින් මත්ද්‍රව්‍ය විකුණා උපයා ගනු ලැබූ රුපියල් එක්ලක්ෂ හාරදහසක මුදලක් ද සැකකරු සන්තකයේ තිබී පොලීසිය විසින් සොයාගනු ලැබිණි. 35 හැවිරිදි සැකකරු එක්දරු පියෙකි. හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්යෙන් මීට පෙර ගාල්ල මහාධිකරණයෙන් නියම කරන ලද දඬුවම් අනුව දෙවරක් බන්ධනාගාරගතව සිට ඇති සැකකරු පසුගිය අප්‍රේල් මාසයේ නිදහස්ව පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඊට පසුව නැවතත් හෙරොයින් ජාවාරම කරගෙන ගොස් ඇති මොහු පැකට්වල අසුරා ඊසිකෑෂ් ක්‍රමයට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.