ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17000ක් නැවත වගා කිරිම සඳහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
මායිම් ගැටලු, නඩුහබ නොමැති එම පුරන් කුඹුරු මේ වනවිට හඳුනාගෙන ඇති බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් විශාල මුදලක් වෙන්කොට ඇති බවද හෙතෙම පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙසේද පවසා සිටියේය.
“පුරන් කුඹුරු අක්කර 17000ක් හඳුනාගෙන තියෙනවා. එම පුරන් කුඹුරු නැවත වගා කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වනවිට සකස්කොට තියෙනවා. පුරන් කුඹුරුවල දත්ත ලිපිගොනුවල පමණක් තිබිලා වැඩක් නැහැ. එය මහපොෙළාවේ යථාර්ථයක් බවට පත්කිරීම තමයි අපේ අරමුණ. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ, පළාත් වාරිමාර්ග අමාත්‍යාංශයේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරනවා.”
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා ගොවි සංවිධාන සම්බන්ධ කරදීමට කටයුතු කර ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.