මල්වාන, යබරලුව ප්‍රදේශයේ නිවෙසකට අලුයම් කාලයේ හොර රහසේ ඇතුළු වීමට තැත් කළ පුද්ගලයකුට නිවැසියන් විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ ලෙස තුවාල ලබා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.
ඉකුත් 9 වැනිදා අලුයම් කාලයේ මොහු නිවෙසේ ජනේලයකින් නිවෙසට ඇතුළු වීමට තැත් කළ අවස්ථාවේ එම පහරදීම සිදු කර තිබේ. එම නිවෙස අසල තිබෙන තවත් නිවෙසක නවාතැන්ගෙන සිටින මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බව ද මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව පොලිස් රැකවරණය මත ප්‍රතිකාර ලබමින් පසුවෙන බව ද පොලීසිය පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධව බියගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතාගේ උපදෙස් අනුව එහි අපරාධ මර්දන විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක හා දූෂණ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිලන්ත රාජකරුණා යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.