Home » මීග­මුවේ අලුවා ප්‍රච­ලිත කරන්න වැඩ­ස­ට­හ­නක්

මීග­මුවේ අලුවා ප්‍රච­ලිත කරන්න වැඩ­ස­ට­හ­නක්

by Gayan Abeykoon
March 12, 2025 8:01 am 0 comment

කොච්චි­කඩේ විශේෂ - ඩී. මිහි­ඳු­කුල

මීග­මු­වට ආවේ­ණික ඉපැ­රණි සාම්ප්‍ර­දා­යික ආහාර වට්ටෝ­රු­වක් මඟින් ලොව ප්‍රච­ලිත මීග­මුව අලුවා ප්‍රද­ර්ශ­නා­ත්ම­කව සකස් කිරීමේ වැඩ­ස­ට­හ­නක් හා තර­ගා­ව­ලි­යක් මීග­මුව කාන්තා සමිති සාමා­ජි­ක­ත්වය ඒකා­බ­ද්ධව මීග­මුව ප්‍රාදේ­ශීය ලේකම් රසිකා මල්ල­වා­රච්චි මහ­ත්මි­යගේ මෙහෙ­ය­වී­මෙන් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල පරි­ශ්‍ර­යේදී ඊයේ (11) පැවැ­ත්විණි.

මෙහිදී ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රිය මෙසේ කීවාය. මීග­මුවේ සංචා­රක කර්මා­න්තය ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා අපි සාකච්ඡා කිහි­ප­යක් විවිධ පැති­කඩ ඔස්සේ පැවැ­ත්තුවා. එම කති­කා­ව­න්ව­ලදී මීග­මු­වට ආවේ­ණික මීගමු අලුවා පිළි­බ­ඳව විශේ­ෂ­ත්ව­යක් තිබෙන බව සඳ­හන් වුණා. ගොඩක් දෙනෙක් මීග­මුව අලුවා කියන එකේ විශේ­ෂ­ත්වය ගැන දැනු­ම්වත් වෙලා හිටියේ නැහැ. එම නිසා මීග­මුවේ අලුවා ප්‍රච­ලිත කිරීම සඳහා අවශ්‍ය වැඩ­පි­ළි­වෙළ ගැන සාකච්ඡා කළා. අද පව­ත්වන මෙම ප්‍රද­ර්ශ­නා­ත්මක තර­ගය එහි එක් පිය­ව­රක් බවත්, අපට මීගමු අලුවා ගැන අභි­මා­න­යෙන් කතා කරන්න අව­ස්ථා­වක් ලබා­දීම මෙහි ප්‍රධාන අර­මු­ණක් බවත් ඇය පැව­සීය. අලුවා ප්‍රච­ලිත කිරීම සඳහා ඉදි­රි­යේදී විවිධ වැඩ­ස­ට­හන් කාන්තා සංවි­ධාන හරහා ක්‍රියා­වට නැඟී­මට බලා­පො­රොත්තු වෙනවා” යැයිද ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර සිටි­යාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT