Home » හොරට ගේන ඉන්දි­යන් කහ නිසා අපේ කහ ගන්න කවු­රුත් නෑ වගා­ක­රුවෝ අස­රණයි

හොරට ගේන ඉන්දි­යන් කහ නිසා අපේ කහ ගන්න කවු­රුත් නෑ වගා­ක­රුවෝ අස­රණයි

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

මිනු­ව­න්ගොඩ සමූහ - ටෙඩී කීර්ති සහ වේය­න්ගොඩ සමූහ - සරත් පුෂ්ප­කු­මාර

ඉන්දි­යානු කහ, නීති විරෝධී ලෙස ආන­ය­නය කර රට තුළ අලෙවි කිරීම හේතු­වෙන් දේශීය කහ ගොවීන්ට සිය නිෂ්පා­දන අලෙවි කර ගැනී­මට නොහැකි වී දැඩි අස­රණ තත්ත්ව­ය­කට පත්වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් කහ වගා­ක­රු­වන්ගේ සංග­මයේ සභා­පති නාමල් අධි­කාරි මහතා පව­සයි.

ඉන්දි­යා­වෙන් කහ ආන­ය­නය රජය මඟින් පෙර සිටම තහ­නම් කර තිබි­යදී නීති විරෝධී ලෙස ඉන්දි­යාවේ සිට කහ ආන­ය­නය කිරී­මත් එම කහ, රට පුරා තොග සහ සිල්ලර වෙ‍ෙළ­ඳ­ස­ල්වල අලෙවි කිරී­මත් හේතු­වෙන් දේශීය කහ අලෙවි කර­ගත නොහැකි තත්ත්ව­ය­කට කහ ගොවීන් පත්වී සිටින බව ද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම ඉන්දි­යානු කහ, කොළඹ තොග වෙ‍ෙළ­ඳ­සල් තුළ ද විශාල ලෙස අලෙවි වුවත් එම නීති විරෝධී කහ, අත්අ­ඩං­ගු­වට ගැනී­මට පාරි­භෝ­ගික අධි­කා­රිය හෝ වග­කි­ව­යුතු කිසිදු ආය­ත­න­යක් මේ වන­තුරු පිය­වර ගෙන නැති බව පව­සන නාමල් අධි­කාරි මහතා මෙම තත්ත්වය තුළ එම කහ අද වන­විට ගමේ පුංචිම කඩය තුළත් අලෙවි කරන තත්ත්ව­ය­කට පත් වී ඇතැයි ද කියා සිටි­යේය.

මේ වන­විට ගම්පහ දිස්ත්‍රි­ක්කයේ වැඩිම කහ නිෂ්පා­ද­න­යක් සිදු කරනු ලබන මිනු­ව­න්ගොඩ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පාර­ම්ප­රික කහ ගොවීන්, සිය කහ අස්වැන්න අලෙවි කර­ගත නොහැ­කිව පීඩා­වට පත්ව ඇති බව ද සභා­ප­ති­ව­රයා පැව­සීය. වස­ර­කට රටේ පරි­භෝ­ජ­නය සඳහා අවශ්‍ය කහ අස්වැන්න අද වන­විට ගම්පහ දිස්ත්‍රි­ක්කය තුළින්ම නිෂ්පා­ද­නය කර ඇති බව ද ඔහු පැව­සීය.

පව­තින මෙම තත්ත්වය මත ගොවීන්ගේ කහ අස්වැන්න අලෙවි කර ගැනී­මට සහ එම වගා­වන් සඳහා කරන ලද විය­දම් උප­යා­ගත නොහැ­කිව දැඩි ලෙස පීඩා­වට පත් වී සිටින බව පව­සන කහ වගා­ක­රු­වන් ඉන්දි­යානු කහ මෙර­ටට රැගෙන ඒම නවතා දමා, දේශීය කහ සඳහා රට තුළ හොඳ වෙ‍ෙළ­ඳ­පො­ළක් සකසා දී, තම අස්වැන්න අලෙවි කර ගැනී­මට පහ­සු­කම් සලසා නොදු­න­හොත් තමන් කහ වගා කිරී­මෙන් ඉවත් වන බව මෙම පාර­ම්ප­රික කහ වගා­ක­රුවෝ කියා සිටිති.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් කහ වගා­ක­රු­වන්ගේ සංග­මයේ සභා­පති නාමල් අධි­කාරි මහතා:

“දේශීය කහ ගොවි­යාට මේ විනා­ශය වෙලා තියෙන්නේ ඉන්දි­යා­වෙන් කහ හොරෙන් ලංකා­වට ගේන නිසයි. නීති විරෝධී ලෙස ඉන්දි­යා­වෙන් කහ ගෙනල්ලා ලංකාවේ විකු­ණන වෙ‍ෙළ­ඳුන් කිය­නවා ලංකාවේ කහ හොඳ නෑ, හොඳම කහ ඉන්දි­යාවේ කහ කියලා. නමුත් ඒක බොරු­වක්. මුළු ලෝක­යම දන්නවා ලෝකයේ හොඳම කහ තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. නමුත් පුදුම තත්ත්වය කියන්නේ අපේ රටේ කහ හොඳයි කියලා අපේ රටේ කිසිම කෙනෙක් කියන්නේ නැහැ. අපි රජ­යෙන් ඉල්ලා සිටි­නවා වහාම මෙම ඉන්දි­යානු කහ ජාවා­රම නවත්වා අපේ රටේ කහ වගා කරන කහ ගොවි­යාව ශක්ති­මත් කරන්න කියලා.”

පාර­ම්ප­රික මහා පරි­මාණ කහ වගා­ක­රු­වකු වන සරත් චන්ද්‍ර­සිරි මහතා :-

“එදා ඉඳන් අපෙන් කහ මිලදී ගත්තු වෙළෙ­ඳුන් මේ වෙන­කොට අපේ කහ මිලදී ගැනීම ප්‍රති­ක්ෂේප කරලා තියෙ­නවා. ඒ වෙළෙ­ඳුන් කිය­නවා අපේ කහ­ව­ලට වැඩිය හොඳ ඉන්දි­යන් කහ ඕනෑ තරම් කොළඹ වෙ‍ෙළ­ඳ­පොළේ මිලදී ගන්න තියෙ­නවා කියලා. අපේ රටේ කහ ලෝකයේ හොඳම කහ වුණාට අද වෙන­කොට කවු­රු­වත් ඉල්ලන්නේ නැහැ. ඉස්සර විවිධ සමා­ගම් ඇවිත් අපෙන් කහ මිලදී ගත්තා දැන් ඒ සමා­ගම් ගන්නෙත් නැහැ.

මේ වෙන­කොට අපි විශාල අස්වැ­න්නක් ලබා­ගෙන තියෙ­නවා. මේ වසරේ රටේ පරි­භෝ­ජ­න­යට අවශ්‍ය කහ අස්වැන්න මේ වෙද්දී ලබා­ගෙන ඉව­රයි. වෙනත් වස­ර­ව­ලට වඩා මේ වසරේ කහ අස්වැන්නේ විශාල වැඩි­වී­ම­කුත් තියෙ­නවා. නමුත් නීති විරෝධී ලෙස ඉන්දි­යා­වෙන් රැගෙන එන කහ නිසා අපේ කහ ටික විකු­ණ­ගන්න එක විශාල ගැට­ලු­වක් වෙලා. ඒ නිසා රට තුළට නීති විරෝධී ලෙස ඉන්දි­යානු කහ රැගෙන ඒම සහ එම කහ රට තුළ ප්‍රසි­ද්ධි­යේම අලෙවි කිරීම පිළි­බ­ඳව රජයේ වග­කි­ව­යුතු අංශ ඉක්ම­නින්ම අව­ධා­නය යොමු කළ යුතු බව අප කියන්න කැමැ­තියි. මෙම ඉන්දි­යානු කහ නිසා අපේ කහ අලෙවි කර­ගන්න බැරිව, අපි වගා­වන් සඳහා විය­දම් කළ රුපි­යල් ලක්ෂ ගණ­නක් පාඩු විඳී­මට අපට සිදුවී තිබෙ­නවා. ඒ නිසා දිගින් දිග­ටම ඉන්දි­යානු කහ, රට තුළ අලෙවි කර­මින් අපගේ දේශීය කහ වගා­වන්ට පහර එල්ල කර­මින් සිදු කරන මෙම ජාවා­රම පිළි­බ­ඳව වහාම ක්‍රියා­ත්මක වී කට­යුතු කරන්න කියා රජ­යෙන් ඉල්ලා සිටි­නවා. අපේ රටේ අපිම වගා කරන කහ සඳහා රට තුළ මෙන්ම ලෝක වෙ‍ෙළ­ඳ­පොළ තුළත් අ‍ෙල­වි­යට පහ­සු­කම් හදලා දෙන්න කියලා අපි වග­කි­ව­යුතු බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­නවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT