2024 – 25 මහ කන්නයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගාවට මෙතෙක් කර ඇති තක්සේරුව අනුව අක්කර 2814.1ක වී වගාවට හානි සිදුව ඇති බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.
වගා හානි හේතුවෙන් පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 1301ක් වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බලප්‍රදේශ 16ක් තුළ පමණක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත වාර්තා වී ඇති මෙම වී වගාවේ හානි වැඩි වශයෙන්ම ගංවතුර තර්ජනය හේතුවෙන් සිදුව ඇති බවත්, වනඅලි තර්ජනය ඊට දෙවැනි වන අතර, නියඟය, කෘමි හා පළිබෝධ හානි මඟින් අවම වශයෙන් හානි සිදුව ඇති බව හම්බන්තොට කෘෂි රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ නදිත ගම්හේවගේ මහතා සඳහන් කර සිටී.
ගොවිජන සේවා බලප්‍රදේශයේ ගංවතුර තර්ජන හේතුවෙන් අකක්ර 2666ක් වී වගාවට හානි සිදුව ඇති අතර, වගා හානිවලට ලක් වූ ගොවීන් සංඛ්‍යාව 1187කි. වනඅලි තර්ජන හේතුවෙන් ද අක්කර 99ක් හානි සිදුවී ඇත.
වැඩිම හානිය සිදුව ඇත්තේ තිස්සමහාරාමය යෝධ කණ්ඩිය ගොවිජන සේවා බලප්‍රදේශයෙන් වන අතර, එම ප්‍රමාණය අක්කර 1176කි. ගොවීන් 392ක් වේ. අම්බලන්තොට ගොවිජන සේවා බලප්රදේශයේද අක්කර 708 හානි සිදුවී ඇත. ගොවීන් ප්‍රමාණය 392කි. මෙම ප්‍රදේශයේ ගංවතුර, වනඅලි හා කෘමි හානිවලින් වී වගාවට හානි සිදුවී ඇත.
සෙසු ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ද අඩු වැඩි තරමින් වාර්තා වී ඇත.