Wednesday, April 9, 2025
Home » තඹාන දික්ඔය හරහා ඇති ගල්ගොල පාලමේ වැඩ අත­ර­මඟ

තඹාන දික්ඔය හරහා ඇති ගල්ගොල පාලමේ වැඩ අත­ර­මඟ

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණ­ති­ලක

මැද­ගම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් තඹාන ගම්මා­න­යට පිවි­සෙන තඹාන දික්ඔය හරහා ඇති ගල්ගොල පාලමේ වැඩ අත­ර­මඟ නත­ර­වීම නිසා ප්‍රදේ­ශ­වා­සීන්ට දැඩි දුෂ්ක­ර­තා­ව­යන්ට මුහු­ණ­පෑ­මට සිදුවී ඇත.

මාර්ග සංව­ර්ධන අධි­කා­රිය මඟින් 2021 මාර්තු 13 වැනිදා මෙම පාලමේ ඉදි­කි­රීම් ආරම්භ කර ඇති අතර, කොන්ක්‍රීට් දැමී­මට අවශ්‍ය කොන්ක්‍රීට් බීම් සහ කම්බි පම­ණක් දමා ඇති කොන්ත්‍රා­ත්කරු ඉදි­කි­රීම් නතර කර තිබේ.

මෙම පාලම ඉදි­කි­රී­මට පෙර තිබූ පාලමේ කොටස් කඩා ඉවත් කර ඇත. මෙම තත්ත්වය මත තඹාන, ඌරු­මු­ත්තාව, ගංගො­ඩ­ලන්ද, උඩ­බොක්ක, ලක්ගල, බකි­නි­ග­ස්මඩ, මල්ග­ස්ලන්ද හා දිල්ලු­ගං­ගොඩ යන ගම්මා­න­වල ගැමි­යන් මාර්ගය හරහා වාහන ගමන් කිරී­මට නොහැකි වීමෙන් දැඩි අප­හ­සු­තා­ව­යට පත්ව සිටිති. මෙම ගම්මා­න­වල ජන­තාව ගොවි­තැන් කට­යුතු කර­ග­නි­මින් දිවි සරි­කර ගන්නා අතර ඔවුන්ගේ නිෂ්පා­දන අලෙ­වි­කර ගැනීම සඳහා මැද­ගම නග­ර­යට රැගෙන යාම ගැට­ලු­වක් වී ඇත.

මේ පිළි­බ­ඳව මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ මොන­රා­ගල දිස්ත්‍රික් ඉංජි­නේරු කාර්යා­ල­යෙන් අප විමසූ විට එහි ප්‍රධාන ඉංජි­නේ­රු­ව­රිය පැව­සුවේ,

එවැනි පාල­මක් මාර්ග සංව­ර්ධන අධි­කා­රිය මඟින් ඉදි­කි­රී­මට පිය­වර නොගත් බවයි. ප්‍රාදේ­ශීය සභා­වෙන් හෝ ඌව පළාත් සභා­වෙන් ඒ පිළි­බ­ඳව විම­සන ලෙසයි.  එව­කට මැද­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ රංජිත් පිය­දි­ගම මහ­තා­ගෙන් කළ විම­සු­ම­කදී පැව­සුවේ, ප්‍රාදේ­ශීය සභාව මෙම පාලම ඉදි­කි­රී­මට සම්බන්ධ වූයේ නැහැ. මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ පාලම් ව්‍යාපෘ­තිය මඟින් එය ඉදි­කි­රී­මට කට­යුතු කළා. මේ පිළි­බ­ඳව ගම්වා­සීන් පැව­සුවේ, ගමට පිවි­සෙන මෙම පාලම කඩි­න­මින් ඉදි­කර දෙන ලෙස වග­කිව යුතු නිල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටින බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT