Sunday, April 20, 2025
Home » බල­ප­ත්ඇල්ල රක්ෂි­තයේ දැවැන්ත ස්කාගා­ර­යක් වටලා අයෙක් අත්අ­ඩං­ගු­වට

බල­ප­ත්ඇල්ල රක්ෂි­තයේ දැවැන්ත ස්කාගා­ර­යක් වටලා අයෙක් අත්අ­ඩං­ගු­වට

සති­ය­කට ලක්ෂ දෙකක කසිප්පු විකු­ණලා

by Gayan Abeykoon
March 12, 2025 4:02 pm 0 comment

තෙලි­ජ්ජ­විල සමූහ වජිර පූජිත ගුණ­ව­ර්ධන

පිට­බැ­ද්දර පොලී­සි­යට ලැබුණ තොර­තු­රක් මත ඉකුත් 08 වැනිදා අකු­රැස්ස පොලිස් බල­ප්‍ර­දේ­ශ­යට අයත් පිට­බැ­ද්දර බල­ප­ත්ඇල්ල රක්ෂි­තයේ මහා පරි­මාණ කසිප්පු ස්කාගා­ර­යක් වටලා එහි නිෂ්පා­ද­කයා වන පිට­බැ­ද්දර තැන්න­හේන බල­ප­ත්ඇල්ල පදිංචි 28 හැවි­රිදි එක්දරු පියෙක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ලක්ෂ දෙකක් පමණ වටි­නා­ක­ම­කින් යුත් ගෝඩා මිලි ලීටර් 90,000ක් සහ මිලි ලීටර් 86,250ක් සහිත බැරල් දෙකක් සහ කස්ප්පු පෙරී­මට ගන්නා දඟ­ර­යක් ඇතු­ළුව උප­ක­රණ ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම මහා පරි­මාණ කසිප්පු නිප­ද­වන්නා සිය නිවසේ තබා­ගෙන බෝත­ල­යක් රුපි­යල් 2000කට අලෙවි කර ඇත. අත්අ­ඩං­ගු­වට පත් ගෝඩා ප්‍රමා­ණය සති­යක කසිප්පු අව­ශ්‍ය­තාව සඳහා ප්‍රමා­ණ­වත් වන බව සැක­කරු සඳ­හන් කර ඇත. සැක­ක­රුව පොලිස් ඇප මත නිද­හස් කර ඇති අතර 17 වැනිදා මොර­වක අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT