Home » අමාත්‍ය මණ්ඩල තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

නුවන් කොඩි­කාර

2025 මාර්තු 10 දින රැස් වූ අමාත්‍ය මණ්ඩ­ලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකා­ශ­යට පත් කිරීම සඳහා කැබි­නට් මාධ්‍ය ප්‍රකා­ශක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහ­ත්ව­රුන් රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (11) පැවති මාධ්‍ය හමු­වට එක් වූයේ මෙලෙ­සිනි.

 

ගාල්ල උසාවි සංකී­ර්ණය අස­ලට නීතිඥ කාර්යාල සංකී­ර්ණ­යක්

ගාල්ල නව අධි­ක­රණ සංකී­ර්ණ­යට යාබ­දව අත්කර ගත් ඉඩමේ නීතිඥ කාර්යාල සංකී­ර්ණ­යක් ඉදි­කි­රී­මට අදා­ළව අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශය සහ ගාල්ල නීතිඥ සංග­මය අතර අව­බෝ­ධතා ගිවි­සු­ම­කට අත්සන් තැබී­මට අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා ඉදි­රි­පත් කළ යෝජ­නාව අමාත්‍ය මණ්ඩ­ලය මඟින් අනු­මත කර තිබේ.

මේ යෝජ­නාව පෙව­ර­වාරී මස 3දා පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී සාකච්ඡා කළ අතර එය ක්‍රියා­ත්මක කිරී­මට ඇති නීති­මය බාධා සහ අනෙ­කුත් කරුණු පිළි­බ­ඳව අධ්‍ය­ය­නය කර නිර්දේශ සැප­යී­මට අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශයේ ලේකම්ගේ ප්‍රධා­න­ත්ව­යෙන්, මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය, ඉඩම් කොම­සා­රිස් ජන­රාල් දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු අනෙ­කුත් අදාළ ආය­ත­න­වල නියෝ­ජි­ත­ය­න්ගෙන් සම­න්විත නිල­ධාරි කමි­ටු­වක් පත් කරනු ලැබ තිබිණි. එම කමි­ටුවේ නිර්දේශ මත පද­නම්ව මේ ගිවි­සුම අත්සන් තැබී­මට නිය­මි­තය.

 

ISA වෙත වාර්ෂික දාය­කත්ව ගාස්තු ගෙවීම සහ CPF අත්සන්

ජාත්‍ය­න්තර සූර්ය බල සන්ධා­නය (ISA) වෙත වාර්ෂික දාය­කත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍ය­න්තර සූර්ය බල සන්ධා­නය අතර රට­වල් පිළි­බඳ හවු­ල්කා­රිත්ව කාර්ය රාමු­වට (CPF) අත්සන් තැබී­මට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය පළවේ. බල­ශක්ති ඇමැති ඉංජි­නේරු කුමාර ජය­කොඩි මහතා මේ යෝජ­නාව ඉදි­රි­පත් කර තිබේ. ඒ අනුව 2024/2025 මූල්‍ය වර්ෂයේ සිට අමෙ­රි­කානු ඩොලර් 25000ක් වූ වාර්ෂික දාය­කත්ව මුදල් අඛ­ණ්ඩව ගෙවී­ම­ටත් ශ්‍රී ලංකාවේ තාක්ෂණ යෙද­වුම් සම්පත් මධ්‍ය­ස්ථා­න­යක් පිහි­ටු­වී­ම­ටත් නිය­මි­තය.

 

කර්මාන්ත ප්‍රව­ර්ධන පනත සංශෝ­ධ­න­ය

1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රව­ර්ධන පනත සංශෝ­ධ­නය කිරී­මට කැබි­නට් අනු­මැ­තිය හිමිව තිබේ. නීති කෙටු­ම්පත් සම්පා­දක විසින් මේ වන විට එකී පනත සංශෝ­ධ­නය කිරීමේ කට­යුතු සිදු කර­මින් පව­තින අතර, පනත සංශෝ­ධ­නය කිරීමේ කාර්යය සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩ­ලයේ ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තාව ලබා ගැනීමේ අව­ශ්‍ය­තාව නීති කෙටු­ම්පත් සම්පා­දක විසින් පෙන්වා දී ඇත. ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා විසින් එකී පනත් කෙටු­ම්පත සකස් කිරීමේ කාර්යය කඩි­න­මින් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩ­ලයේ ප්‍රති­ප­ත්ති­මය අනු­මැ­තිය ලබා ගැනී­මට ඉදි­රි­පත් කළ යෝජ­නා­වට එක­ඟ­තාව පළ කෙරිණි.

 

තේ පාලන පනත සංශෝ­ධ­න­යට

1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝ­ධ­නය කිරී­මට වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා කළ යෝජ­නාව කැබි­නට් මණ්ඩ­ලය අනු­මත කර තිබේ.

මේ වන විට එම පනත සංශෝ­ධ­නය කිරීමේ කට­යුතු නීති කෙටු­ම්පත් සම්පා­දක විසින් සිදු කර­මින් පව­තින අතර එම කට­යුතු කඩි­නම් කර නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩ­ලයේ ප්‍රති­ප­ත්ති­මය අනු­මැ­තිය ලැබී ඇත.

 

කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසා­පති විශේෂ ශ්‍රේණියේ නිල­ධාරි එච්.එම්.ජේ.එම්. හේරත්ට

කෑගල්ල පරි­පා­ලන දිස්ත්‍රි­ක්කයේ දිස්ත්‍රික් ලේකම් – දිසා­පති ලෙස රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් තන­තු­රක සේවය කරන ශ්‍රී ලංකා පරි­පා­ලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිල­ධාරි එච්.එම්.ජේ.එම්. හේරත් මහතා පත් කිරී­මට රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එම්.එච්. අබේ­රත්න මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අනු­මැ­තිය හිමිව ඇත. දිස්ත්‍රික් ලේකම් – දිසා­පති ලෙස කට­යුතු කළ ජේ.එම්.ආර්.පී. ජය­සිංහ මහතා 2025‑02‑01 දින සිට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් තන­තු­රට පත් කර ඇති බැවින් වන පුර­ප්පා­ඩු­වට හේරත් මහතා පත් කරනු ලැබ තිබේ.

 

කුරු­ණෑ­ගල දිස්ත්‍රික් ලේකම්-දිසා­පති තන­තුර ඩී.එම්.කේ.සී.දිසා­නා­යක

කුරු­ණෑ­ගල පරි­පා­ලන දිස්ත්‍රි­ක්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසා­පති තන­තු­රට වයඹ පළාත් ප්‍රධාන අමා­ත්‍යාං­ශයේ ලේකම් වශ­යෙන් කට­යුතු කරනු ලබන ශ්‍රී ලංකා පරි­පා­ලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිල­ධාරි ඩී.එම්.කේ.සී. දිසා­නා­යක මහතා පත් කිරී­මට කැබි­නට් අනු­මැ­තිය හිමිව ඇත.

කුරු­ණෑ­ගල පරි­පා­ලන දිස්ත්‍රි­ක්කයේ දිස්ත්‍රික් ලේකම් – දිසා­පති වශ­යෙන් කට­යුතු කළ ආර්.එම්.ආර්. රත්නා­යක මහතා 2025‑03‑03 දින රාජ්‍ය සේව­යෙන් විශ්‍රාම ලබා ඇති බැවින් මේ පත් කිරීම සිදු කෙ‍ෙරන අතර මේ යෝජ­නාව රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එම්.එච්. අබේ­රත්න මහතා විසින් ඉදි­රි­පත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT