36
පහ වසර ශිෂ්‍යත්ව විභාගය – 2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (11) නිකුත් කෙරිණි.
එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට ගොස් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2024 සැප්තැම්බර් 15 වැනිදා පැවැති පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණිය සඳහා පැවැත් වූ මෙම විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමක් කළ යුතු නම් 1911, 0112784208, 0112784537 දුරකථන අංකවලින් දැන ගත හැකිය.