Sunday, April 20, 2025
Home » වගා හානි සත්ත්ව සංග­ණ­නය දා කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ මෙහෙ­යුම් මැදි­රි­යක්

වගා හානි සත්ත්ව සංග­ණ­නය දා කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ මෙහෙ­යුම් මැදි­රි­යක්

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

බෝග වගා­වන්ට හානි කරන වන සතුන් පිළි­බඳ මෙම 15දා පව­ත්වන සංග­ණ­නය වෙනු­වෙන් බත්ත­ර­මුල්ල, කෘෂි­කර්ම අමා­ත්‍යාංශ පරි­ශ්‍රය තුළ මෙහෙ­යුම් මැදි­රි­යක් ඊයේ (11) දින සිට ස්ථාපිත කර ඇත.

මෙම වන­සත්ත්ව සංග­ණ­නය වඩාත් නිවැ­ර­දිව සහ කාර්ය­ක්ෂ­මව සිදු කිරීමේ අර­මු­ණින් මෙහෙ­යුම් මැදි­රිය ස්ථාපිත කර තිබේ. සත්ත්ව සංග­ණ­න­යේදී යම් ගැට­ලු­වක් පැන­නැ­ගු­ණ­හොත් ඒ පිළි­බඳ විම­සී­මක් සිදු කිරී­මට මෙම 15දා දක්වා එම මෙහෙ­යුම් මැදි­රිය ක්‍රියා­ත්මක වෙමින් පව­තියි. මෙම සංග­ණ­ණ­යේදී වන යම්කිසි ගැට­ලු­වක් වෙතොත් මහ­ජ­න­තා­වට මෙහෙ­යුම් මැදි­රියේ දුර­ක­තන අංක 011- 2034336 අමතා විම­සී­මක් කළ හැකිය.

මෙම 15 වැනි දින පෙර­වරු 8.00 සිට 8.05 දක්වා කාලය තුළ දීප­ව්‍යා­ප්තව මෙම සංග­ණ­නය පැවැ­ත්වී­මට නිය­මිත අතර ඊට අදාළ පත්‍රිකා බෙදා­හැ­රීමේ කට­යුතු ද මේ වන­විට සිදු­වෙ­මින් පව­තියි. වගා­වට හානි සිදු කරන වන­ස­තුන් ප්‍රමා­ණය සළ­කුණු කිරීම සඳහා ලබා දෙන පත්‍රි­කාව තමන් වෙත ලැබී නොමැ­ති­නම්, ඒ පිළි­බඳ කල­බල නොවී, 15 වැනි දින වෙන් කර ඇති අදාළ කාලය තුළ පැමි­ණෙන සතුන් පිළි­බඳ යම් සට­හ­නක් තබා ගන්නා ලෙස කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

වන­ස­තු­න්ගෙන් වගා­වට සිදු­වන හානි වළක්වා ගනි­මින් ඒ සඳහා විස­ඳුම් සෙවීමේ මූලික පිය­ව­රක් වශ­යෙන් පසු­ගි­යදා කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහ­තාගේ උප­දෙස් පරිදි වන සත්ත්ව හානි අවම කිරී­මට අදාළ විශේෂ කමි­ටු­වක් පත්ක­රන ලදි. එම විශේෂ කමි­ටුවේ උප­දෙස් පරිදි වගා­වට වැඩි වශ­යෙන් හානි කරන වඳුරා, රිළවා, මොනරා සහ දඞු­ලේනා යන සත්ත්ව­යන් කොප­මණ ප්‍රමා­ණ­යක් සිටී­දැයි ගණ­නය කිරීම සඳහා වන සත්ත්ව සංග­ණ­න­යක් සිදු කිරී­මට යෝජනා විය. ප්‍රජා සහ­භා­ගි­ත්ව­යෙන් සිදු කරනු ලබන මෙම සංග­ණ­න­යට අදාළ කාලය තුළ සහ­යෝ­ගය පළ කරන ලෙස කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශය සමස්ත ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT