Monday, April 21, 2025
Home » පාඨලීගේ ‘පැන්සල’ පළාත් කිහිපයකට

පාඨලීගේ ‘පැන්සල’ පළාත් කිහිපයකට

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

නුවන් කොඩි­කාර

කොළඹ, මහ­නු­වර, ගාල්ල, කඩු­වෙල මහා නගර සභා­ව­ව­ලට සහ හෝමා­ගම ප්‍රාදේ­ශීය සභාව ඇතු­ළුව දිව­යිනේ බහු­තර පළාත් පාලන ආය­තන සඳහා එක්සත් ජන­රජ පෙර­මුණ ‘පැන්සල’ ලකු­ණින් තරග කරන බව එම පක්ෂය පව­සයි.

පාඨලී චම්පික රණ­වක මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් ‘පැන්සල’ ලකු­ණින්, එක්සත් ජන­රජ පෙර­මුණ මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යට තරග කිරී­මට මේ වන විටත් බල­ය­ලත් නිල­ධා­රීන් පත්කර අවශ්‍ය කට­යුතු සිදු කර­මින් තිබෙන බව සඳ­හන් කරයි.

‘පැන්සල’ ලකු­ණින් ඉදි­රි­පත් වන පළාත් පාලන ආය­තන සඳහා මේ මස 19 වැනිදා දිව­යින පුරා නාම­යෝ­ජනා භාර­දී­මට අවශ්‍ය කට­යුතු මේ වන විට සැල­සුම් කර ඇති බවද එක්සත් ජන­රජ පෙර­මුණ පව­සයි.

‘පැන්සල’ ලකු­ණින් තරග කිරීම සඳහා තරුණ හා විශේ­ෂ­යෙන්ම බහු­තර කාන්තා­වන් නාම­යෝ­ජනා අපේ­ක්ෂා­වෙන් අය­දු­ම්පත් යොමු කර ඇති අතර, නාම­යෝ­ජනා ලබා­ගැ­නීම සඳහා අය­දු­ම්පත් යොමු කර තිබු අපේ­ක්ෂ­ක­යින් සම්මුඛ පරී­ක්ෂ­ණ­ය­කින් ඔවුන්ගේ අධ්‍යා­පන සුදු­සු­කම්, වෘත්තීය සුදු­සු­කම් හා සමාජ දේශ­පා­ලන අත්දැ­කීම් පිළි­බඳ අව­ධා­නය යොමු කර තෝරා­ගෙන ජ්‍යෙෂ්ඨ අත්දැ­කීම් සහිත පළ­පු­රුදු පිරි­සක් මෙන්ම අලුත් තරුණ හා කාන්තා පිරි­සක් ද මෙවර මැති­ව­ර­ණ­යේදී පැන්ස­ලෙන් තරග කිරී­මට ඉදි­රි­පත් කර තිබෙන බව එම පක්ෂය සඳ­හන් කරයි.

මැති­ව­රණ දිනය ප්‍රකාශ කළ පසු ‘පැන්සල’ ලකු­ණෙන් පාල­නය වන පළාත් පාලන ආය­තන තුළ ක්‍රියා­ත්මක කිරී­මට අපේ­ක්ෂිත ප්‍රති­ප­ත්ති­මය කරුණු ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක සිවු අවු­රුදු වැඩ­පි­ළි­වෙ­ළක් එළි­දැ­ක්වී­මට නිය­මිත අතර මෙම වැඩ­පි­ළි­වෙළ මඟින් ග්‍රාමීය සංව­ර්ධ­නය, ආද­ර්ශ­මත් හා නවීන පළාත් පාලන ආය­තන ගොඩ­නැ­ඟීම සඳහා අව­ධා­නය යොමු කර තිබෙන බවද එක්සත් ජන­රජ පෙර­මුණ පව­සයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT