Home » දළදා දැක්මේ දන්සැල් ලියා­ප­දිංචි කර මහ­නු­වර මහ නගර සභාවෙන් QR කේත­යක්

දළදා දැක්මේ දන්සැල් ලියා­ප­දිංචි කර මහ­නු­වර මහ නගර සභාවෙන් QR කේත­යක්

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

අසේල කුරු­ළු­වංශ

දළදා සමි­ඳුන් දැක වැඳ පුදා ගැනී­මට මහ­නු­ව­රට පැමි­ණෙන ලක්ෂ සංඛ්‍යාත ජන­තාව වෙනු­වෙන් මෙරට පම­ණක් නොව විදේ­ශීය රට­වල අයට පවා දන්සැල් මඟින් ආහා­ර­පාන ලබා­දීම සඳහා ලියා­ප­දිං­චිය ලබා­දී­මට මහ­නු­වර මහ නගර සභාවේ නාග­රික සෞඛ්‍ය වෛද්‍ය දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.  මේ වෙනු­වෙන් ලියා­ප­දිංචි වීමට නගර සභාව මඟින් QR කේත­යක් හඳු­න්වාදී තිබෙන අතර දළදා දැක්ම පැවැ­ත්වෙන කාල­සී­මා­වේදී දන්සැල් මඟින් බැති­ම­තුන්ට ආහා­ර­පාන ලබා­දීමේ හැකි­යාව ඇත්තේ එම කේතය භාවිත කර මාර්ගත ගත ක්‍රමය ඔස්සේ ලියා­ප­දිං­චිය ලබා ගන්නා පුද්ග­ල­යින්ට, සංවි­ධාන හා ආය­ත­න­ව­ලට පම­ණක් බව මහ­නු­වර නාග­රික සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය පසන් පැර­කුම් ජය­සිංහ මහතා කීය.

අදාළ ලියා­ප­දිං­චිය ලබා ගැනී­මෙන් පසු ආහාර සකස් කරන ස්ථානය පරීක්ෂා කර බලා නාග­රික සෞඛ්‍ය වෛද්‍ය දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අනු­ග­ම­නය කළ යුතු නිර්ණා­යක අඩංගු ලිය­වි­ල්ලක් සමඟ සහ­ති­ක­යක් නිකුත් කරන බවත් එම සහ­ති­කය නොමැ­තිව බැති­ම­තුන්ට ආහාර බෙදා­හැ­රී­මට අව­ස්ථාව නොදෙන බවත් ඒ මහතා පැව­සු­වේය.

දළදා දැක්ම පැවැ­ත්වෙන සමයේ බැති­ම­තුන්ට ආහා­ර­පාන ලබා­දීම සඳහා මේ වන විට සංවි­ධාන 27ක් ලියා­ප­දිං­චිය ලබා­ගෙන තිබෙන බවත් මහ­නු­වර නගර සභාවේ නිල වෙබ් අඩ­විය මඟින් වැඩි­දුර තොර­තුරු ලබා­ගත හැකි බවත් ජය­සිංහ මහතා ප්‍රකාශ කළේය.  ලක්ෂ සංඛ්‍යාත ජන­තා­වක් දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනී­මට පැමි­ණෙන බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය ආර­ක්ෂාව පිළි­බඳ වැඩි අව­ධා­න­යක් යොමු කර­මින් අදාළ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කරන බවත් මෙයට අම­ත­රව අලුත් අවු­රුදු සමය මූලික කර ගනි­මින් ද නගර සභාව මඟින් ආහාර අළෙවි ස්ථාන අඛ­ණ්ඩව පරීක්ෂා කරන බවත් නාග­රික සෞඛ්‍ය වෛද්‍ය නිල­ධා­රි­ව­රයා පැව­සු­වේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT