ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට 2025 වර්ෂයේදී මහා භාණ්ඩාගාරය මඟින් වෙන්වූ අරමුදලෙන් රුපියල් මිලියන 160ක් වැසි ජලය මඟින් ඇතිවන ජල ගැලීම් අවම කිරීම සඳහා කොළඹ සහ තදාසන්න ප්රදේශවල වැසි ජල පොම්පාගාර ක්රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා වෙන් කර තිබේ.
මෙවර අය වැයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට රුපියල් මිලියන 2700 ප්රමාණයක් වෙන්කර ඇති අතර මෙම මුදල් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් වූ වාර්තාවක් පසුගියදා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතාට භාර දී ඇත.
ඒ අනුව ශාන්ත සෙබස්තියන් උතුර පොම්පාගාරය, ශාන්ත සෙබස්තියන් දකුණ පොම්පාගාරය, අඹතලේ පොම්පාගාරය, තලංගම වැව ජල පාලන දොරටුව, ගොතටුව බැම්ම ජල පාලන දොරටුව, කළු පාලම දොරටුව, වරාය ප්‍රවේශ මාර්ගය ජලාපවාහන දොරටුව, යක්බැද්ද හීන් ජලාපවාහන දොරටුව, හීන් ඇළ ජලාපවාහන දොරටුව නඩත්තු කිරීමට සැලසුම් කර තිබේ.