දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩය යටතේ හිමිවන කෙටි කාලීන රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට මෙතෙක් අනුමැතිය හිමි නොවීම හේතුවෙන් තොරතුරු රැස්කිරීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් තොරතුරු රැස්කිරීමක් සිදු නොකරන බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් මේ දිනවල දකුණු කොරියාවේ E-8 රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට තොරතුරු රැස්කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දැන්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.