Wednesday, April 23, 2025
Home » දොරේඅප්පාගේ මිනිබිරිය කැන­ඩා­වේදී වෙඩි තබා මරලා

දොරේඅප්පාගේ මිනිබිරිය කැන­ඩා­වේදී වෙඩි තබා මරලා

by Gayan Abeykoon
March 12, 2025 9:09 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

කැන­ඩාවේ ඔන්ටේ­රියෝ ප්‍රාන්ත­යේදී ශ්‍රී ලාංකේය සම්භ­ව­යක් සහිත නිලක්ෂි රගු­දාස් නමැති 20 හැවි­රිදි තරු­ණි­යක් වෙඩි තබා ඝාත­නය කර ඇත.

මෙම වෙඩි තැබී­මෙන් මිය­ගොස් ඇත්තේ යාප­නයේ හිටපු නග­රා­ධි­ප­ති­ව­ර­යකු වූ ඇල්ෆ්‍රඩ් දොරේ­අ­ප්පාගේ මිණි­බි­රි­යක වන රගු­දාස් නිලක්ෂි නමැති තරු­ණිය බවට හඳු­නා­ගෙන තිබේ. පසු­ගිය සිකු­රාදා උදෑ­සන 7.30ට පමණ එම ප්‍රාන්තයේ පිහිටි මාර්කම් නුවර නිවෙ­ස­කදී වෙඩි තැබීම සිදුවී ඇත. ඒ මොහොතේ නිවෙසේ සිටි 26 හැවි­රිදි තරු­ණ­යකු ද වෙඩි ප්‍රහා­ර­යෙන් තුවාල ලබා රෝහ­ල්ගත කර ඇතැයි කැන­ඩාවේ ග්ලෝබල් නිවුස් පුවත් සේවය වාර්තා කළේය. වෙඩි ප්‍රහා­ර­යෙන් මිය­ගිය තරු­ණිය එම ප්‍රාන්ත­යේම පිහිටි පීල් කලා­පය භාර පොලිස් ප්‍රධා­නියා වන නිශාන් දොරේ­අ­ප්පාගේ ද ඥාති දිය­ණි­යකි.  වෙඩි තැබීම සම්බ­න්ධව ලද තොර­තුරු වාර්තා වීමෙන් පසු  මාර්කම් නුවර සොලේස් මාර්ගයේ පිහිටි එම නි‍ෙව­සට ගිය පොලිස් නිල­ධා­රීන් වෙඩි  ප්‍රහා­ර­යෙන් තුවාල ලබා සිටි තරු­ණිය සහ තරු­ණයා රෝහ­ල්ගත කර තිබේ.  තරු­ණ­යාගේ තත්ත්වය බර­ප­තළ නොවන බව වාර්තා වේ. නිවෙසේ සිටි ජර්මන් ශෙෆර්ඩ් වර්ගයේ බලු සුර­ත­ලකු ද තුව­ක්කු­ක­රු­වන්ගේ වෙඩි පහ­රින් මිය­ගොස් සිටි බව ග්ලෝබල් නිවුස් පුවත් සේවය සඳ­හන් කළේය. එම නිවෙසේ සිට දිව­ගිය සැක­ක­රු­වන් දෙදෙ­නකු කළු පැහැති නවීන මෝටර් රථ­ය­කින් පලා­යන අයුරු  සීසී­ටීවී දර්ශ­න­ව­ලින් හෙළි වී ඇතැයි  යෝක් කලා­පයේ පොලී­සිය ප්‍රකාශ කර තිබේ.

මීට පෙර වසර 2018 සිට අවස්ථා 5ක දී එම නිවෙස වෙඩි­ක්ක­රු­වන්ගේ ඉල­ක්ක­යක් බවට පත්වී තිබූ බව­ටත්,  එම සෑම අව­ස්ථා­ව­ක­දීම වෙඩි තබා ඇත්තේ දුරක සිට බව­ටත් පොලී­සි­යට තොර­තුරු ලැබී ඇත.  මෙවර නිවෙස තුළ­ටම ගොස් වෙඩි ප්‍රහා­රය එල්ල කර ඇතැයි මාර්කම් නුවර අයත් යෝක් කලා­පයේ පොලී­සිය ප්‍රකාශ කර තිබේ. සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පරී­ක්ෂණ ආරම්භ කළ බව ද පොලී­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT