Tuesday, April 22, 2025
Home » රාජ්‍ය සේවයේ පුරප්පාඩු 5,882කට බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 5,882කට බඳවා ගැනීමට අනුමැතිය

by Gayan Abeykoon
March 12, 2025 4:15 pm 0 comment

නුවන් කොඩි­කාර

රාජ්‍ය සේවයේ ආය­ත­න­වල පව­තින පුර­ප්පාඩු සඳහා 5882ක් බඳවා ගැනී­මට කැබි­නට් අනු­මැ­තිය හිමිව තිබේ. ඒ අනුව ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශ­යට 909ක්, කාන්තා සහ ළමා කට­යුතු අමා­ත්‍යාං­ශ­යට 109ක්, පරි­සර අමා­ත්‍යාං­ශ­යට 144ක්, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශ­යට 2500ක්, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යට 22ක්, විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යට 03ක්, මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට 185ක්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමා­ත්‍යාං­ශ­යට 20ක්, රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශ­යට 1615ක්, මධ්‍යම පළාත් සභා­වට 72ක් සහ ඌව පළාත් සභා­වට 303ක් ලෙස 5882ක් බඳ­වා­ගන්නා බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (11) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. රාජ්‍ය සේවයේ බඳ­වා­ගැ­නීම් ක්‍රියා­ව­ලිය සමා­ලෝ­ච­නය කර­මින් අව­ශ්‍යතා, ප්‍රමු­ඛතා හා කාල­රාමු හඳු­නා­ගෙන ඒ ආශ්‍රි­තව අත්‍ය­ව­ශ­යෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් ප්‍රමා­ණ­යන් සම්බ­න්ධ­යෙන් අවශ්‍ය පිය­වර ගැනීම සඳහා අග­මැති ලේක­ම්ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් නිල­ධාරී කමි­ටු­වක් 2024-12-30 වැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී අනු­මැ­තිය ලබාදී ඇති බව හෙතෙම කීවේය.

එම කමි­ටුව වෙත ඒ ඒ අමා­ත්‍යාං­ශය විසින් එම අමා­ත්‍යාං­ශය යටතේ පව­තින දෙපා­ර්ත­මේන්තු සහ අනෙ­කුත් ආය­ත­න­වල පව­තින තන­තුරු පුර­ප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදි­රි­පත් කරන ලද ඉල්ලීම් සැල­කි­ල්ලට ගෙන, කමි­ටුව විසින් නිර්දේශ කරන ලද පහත සඳ­හන් බඳවා ගැනීම් සිදු කිරී­මට අදාළ අමා­ත්‍යාංශ සහ ආය­තන වෙත අනු­මැ­තිය ලබා­දී­මට අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ඉදි­රි­පත් කළ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිවූ බව ඇමැ­ති­ව­රයා පැවැ­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT