Home » අදානි සමා­ගම සම්බ­න්ධ­යෙන් ආණ්ඩුවේ ස්ථාව­රයේ වෙන­සක් නෑ

අදානි සමා­ගම සම්බ­න්ධ­යෙන් ආණ්ඩුවේ ස්ථාව­රයේ වෙන­සක් නෑ

කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

නුවන් කොඩි­කාර

අදානි සමා­ගම සම්බ­න්ධ­යෙන් ආණ්ඩුවේ ස්ථාව­රයේ කිසිම වෙන­සක් සිදුව නැතැයි කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (11) පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. ජනා­ධි­ප­ති­ව­රයා ඉන්දි­යා­වට යන්න කලින් එකක්, ගියාට පස්සේ තවත් එකක් නොකියූ බව හෙතෙම කීවේය. ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

“අපේ ස්ථාව­රය තමයි ආයෝ­ජ­න­යට විවෘ­තයි. අදානි සමා­ග­මත් අපට ගැළ­පෙන ආයෝ­ජන ගෙන එනවා නම් එය විවෘ­තව සාකච්ඡා කරන්න අපි සූදා­නම්. හැබැයි නිශ්චිත සුළං විදු­ලි­බල ව්‍යාපෘ­තිය සම්බ­න්ධ­යෙන් එහි ගාස්තු ගැන රජ­යට අද­හ­සක් තිබෙ­නවා. මෙහි ගාස්තු ඉහ­ළයි. අපේ ඉල්ලීම එම ගාස්තු සංශෝ­ධ­නය විය යුතුයි කියලා. ගාස්තු සංශෝ­ධ­නය කර­ගෙන එනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න පුළු­වන්. ගාස්තු සංශෝ­ධ­නය කරන්න ඔවුන් සූදා­නම් නැති­නම් ඔවුන්ට තීර­ණ­යක් ගන්න පුළු­වන් එම ව්‍යාපෘ­තිය අත­හ­රින්න. ඒකෙන් අද­හස් වෙන්නේ නැහැ ආයෝ­ජ­කයෝ සිය­ල්ලම ලංකා­වෙන් යනවා කියලා. කවර ආයෝ­ජ­ක­යකු වුවත් ඒ බර අපට දරා­ගන්න බැරි නම් අව­සා­නයේ ඒ බර අපට ජන­තා­වගේ කර­මත පට­වන්න සිදු­වෙ­නවා නම් රජය ඒ සම්බ­න්ධ­යෙන් තීන්දු­වක් ගන්නවා. ජනා­ධි­ප­ති­ව­රයා ඉන්දි­යාවේ ගම­නේ­දීත් පැහැ­දි­ලි­වම කිව්වේ මේ ව්‍යාපෘ­තිය සම්බ­න්ධ­යෙන් අපේ ස්ථාව­රය. ඒ අනුව තමයි අදානි සමා­ගම යම් තීන්දු­ව­කට එළැ­ඹුණේ. ඒ අය තමන්ගේ ගාස්තු සංශෝ­ධ­නය කර­ගෙන රටේ ජන­තා­වට සාධා­රණ මුද­ල­කට සහ ඉන්දි­යා­වේදී ඒ අය කරන ආයෝ­ජ­න­යට සාපේ­ක්ෂව සාධා­රණ මුද­ල­කට ලංකා­වට අර­ගෙන එනවා නම් සාකච්ඡා කරන්න සූදා­නම්. එහෙම නැතිව අපි එක සමා­ග­මක්, එක රටක් මත යැපෙන්න සූදා­නම් නැහැ. ඕනෑම දෙයක් සාක­ච්ඡා­වට ගන්නේ ඒ මඟින් රටට සහ ජන­තා­වට වෙන වාසිය දිහා බලලා. වෙන කිසිම අභි­ලා­ෂ­යක් නැහැ. අපට තිබෙන්නේ ජන­ව­රම අනුව කට­යුතු කරන්න. මේ ව්‍යාපෘති කියන්නේ රටේ ජන­තා­වට ගෙවන්න වෙන ව්‍යාපෘති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT