ලැයිස්තුවල නම් සඳහන් අය කොතරම් කලබල වුවත්, කුලප්පු වෙලා කෑගැසුවත් ලැයිස්තු ඉදිරිපත් කිරීම නතර නොකරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඊට අදාළ ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්නා බව ද හෙතෙම කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
‘ලැයිස්තුවල නම් තිබෙන අය තමයි මේ කලබල කරන්නේ. තව ඉදිරිපත් කරපු ඒවෙය් කොටස් තිබෙනවා. ඒවත් අපි අවශ්‍ය වේලාවට ඉදිරිපත් කරනවා. වන්දි ගෙවීම්, ගෙවල් ගත්ත වගේ ටිකක් සරල නැහැ. අපි ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් ඊට වඩා වගකීම්සම්පන්නව එම ලැයිස්තුව ඉදිරිපත් කරන්නම්. දේශපාලනඥයන්ම විතරක් නෙවෙයි සමහර අය අරගෙන තිබෙනවා. මෙය තෙල් බෙදුම්කරුවන්ගේ ප්රශ්නය වගේ එකක් නෙවෙයි. බාර නොදුන් අයට ප්‍රමාණවත් කාල ලබා දී තිබෙනවා. ඒ අනුව තමයි යෝෂිත රාජපක්ෂත් තිබුණ ආයුධ බාර දුන්නේ.”