Monday, April 21, 2025
Home » කුලප්පු වෙලා කෑගැ­හු­වත් ලැයිස්තු ඉදි­රි­පත් කිරීම නතර කරන්නේ නෑ

කුලප්පු වෙලා කෑගැ­හු­වත් ලැයිස්තු ඉදි­රි­පත් කිරීම නතර කරන්නේ නෑ

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

නුවන් කොඩි­කාර

ලැයි­ස්තු­වල නම් සඳ­හන් අය කොත­රම් කල­බල වුවත්, කුලප්පු වෙලා කෑගැ­සු­වත් ලැයිස්තු ඉදි­රි­පත් කිරීම නතර නොක­රන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

ඊට අදාළ ක්‍රියා­මාර්ග අනි­වා­ර්ය­යෙන්ම ගන්නා බව ද හෙතෙම කීවේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද කියා සිටි­යේය.

‘ලැයි­ස්තු­වල නම් තිබෙන අය තමයි මේ කල­බල කරන්නේ. තව ඉදි­රි­පත් කරපු ඒව‍ෙය් කොටස් තිබෙ­නවා. ඒවත් අපි අවශ්‍ය වේලා­වට ඉදි­රි­පත් කර­නවා. වන්දි ගෙවීම්, ගෙවල් ගත්ත වගේ ටිකක් සරල නැහැ. අපි ඒ පුද්ග­ල­යන් සම්බ­න්ධ­යෙන් ඊට වඩා වග­කී­ම්ස­ම්ප­න්නව එම ලැයි­ස්තුව ඉදි­රි­පත් කර­න්නම්. දේශ­පා­ල­න­ඥ­යන්ම විත­රක් නෙවෙයි සම­හර අය අර­ගෙන තිබෙ­නවා. මෙය තෙල් බෙදු­ම්ක­රු­වන්ගේ ප්‍රශ්නය වගේ එකක් නෙවෙයි. බාර නොදුන් අයට ප්‍රමා­ණ­වත් කාල ලබා දී තිබෙ­නවා. ඒ අනුව තමයි යෝෂිත රාජ­ප­ක්ෂත් තිබුණ ආයුධ බාර දුන්නේ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT