පාලකයන්ට අවශ්‍ය ලෙස වෙනස් කර තිබූ මේ රටේ සියලු පද්ධති ජනතා සේවය වෙනුවෙන් රජය ක්‍රමානුකූලව වෙනස් කරමින් යන බව ආචාර්ය,හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසූවාය.
අම්පාර ප්‍රදේශයේ පැවති කාන්තා හමුව අමතමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය.
මේ රටේ රාජ්‍ය සේවය දේශපාලනය විසින් කඩා වට්ටලා තිබුණත්,අද ඒ සේවයට ගෞරවයක් ඇතිවන පරිසරය හදලා,ස්වාධිනව වැඩ කරන්න පරිසරය හදලා මෙවර අයවැයෙන් වැටුප් වැඩි කිරීමටත් කටයුතු කළ බව අගමැතිනිය පැවසුවාය.
අගමැතිවරිය වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළාය.
ඔබ අහලා බලන්න පසුගිය මාස පහේ අපේ මන්ත්‍රීවරුන්ගෙන් එක දුරකථන ඇමතුමක් ආවද කියලා, රාජ්‍ය නිලධාරීන්ට හෝ පොලීසියට මේක කරන්න එපා,මෙහෙම කරන්න කියලා.එහෙම වෙලා නෑ. අපි ඒ සංස්කෘතිය වෙනස් කරලා තියෙන්නේ.දැන් රටේ සියලු දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක වෙනවා.ජනතාවට දැනෙන්න පටන් අරන් අපේ රටට නීතියක් තියෙනවා කියලා.මේ විදිහට ක්‍රමානුකූලව රටේ සියලු සේවා නිවැරදි පැත්තට හරවමින් යන්නේ.
මේ රටේ තිබුණ සියලු පද්ධතීන්,හරවලා තිබුණේ පාලකයන්ගේ ආරක්ෂාවට.පාලකයන්ට ඕනෑ විදිහට වැඩ කරන්න.අද අපි ක්‍රමානුකූලව මේ පද්ධතිය ජනතාවගේ ආරක්ෂාවට,ජනතාවට සේවාවක් කරන තැනට වෙනස් කරමින් යනවා.මේක පැය විසිහතරෙන් සීයයට සීයක් හදන්න බැහැ.ඒකට කාලයක් යනවා.අවුරුදු ගණනක් මේ රටේ ජනතාව පුරුදු වුණ ක්‍රමයක් තියෙනවා.මේක වෙනස් වෙන්න ඕනෑ.මිනිස්සු එක දවසෙන් වෙනස් වෙන්නේ නැහැ.හැබැයි ඒ වෙනස් වීමට අවශ්‍ය නායකත්වය,මඟ පෙන්වීම,ආදර්ශය අපි දෙමින් තිබෙනවා. ඒ නිසා අපට විශ්වාසයි මේ රට හරි දිශාවට හරවන්න පුළුවන් කියලා.
අද අපි පොඩි හරි වැරැද්දක් කියනවිට,පොඩි හරි වැරැද්දක් කරනවිට විපක්ෂයෙන් ලොකු සද්දයක් ඇහෙනවා.අපි කැමතියි ඒකට.මිනිස්සු බලාපොරොත්තු වුණේ මේ දේශපාලන සංස්කෘතියටයි. මෙච්චර කාලයක් තීන්දු තීරණ ගන්න මැලි වුණ, කොන් වුණ පිරිස දැන් ආපහු එළියට එන්න පටන් අරගෙන.අපි එකතු වෙලා,කතා කරලා සහෝදරියන්ගේ ගෙවල්වල පොඩි පොඩි කණ්ඩායම් හැටියට එකතු වෙලා,කිලෝමීටර් ගණන් ඇවිදලා,කඳුළු ගෑස් පාරවල් වැදිලා,ජල ප්‍රහාර වැදිලා අමිහිරි අත්දැකීම් ගොඩාක් එක්කයි මෙතැනට ඇවිත් ඉන්නේ.ඒ නිසා ඔබ සෑම දෙනෙක්ම මේ ජයග්‍රහණයේ කොටස්කරුවන්. මෙච්චර කාලයක් අපි ප්‍රතිපත්ති ගැන කතා කළා. ඒත් ක්‍රියාත්මක කරන්න බලයක් තිබුණේ නෑ.ඒ බලය දැන් අපට ලැබිලා තිබෙනවා.ඒ සමඟ අපේ ප්‍රතිපත්ති එකින් එක ක්‍රමානුකූලව අපට මේ රටේ කරන්න පුලුවන් වෙලා තිබෙනවා.අපේ රජයේ පළමු අයවැයෙන් ඉදිරි මාස අටක සැලැස්ම අපි ඉදිරිපත් කර තිබෙනවා.ඒ තුළින් රට ගෙනියන්න ඕනෑ නිවැරදි දිශාවට අඩිතාලම දාන්න අපි කටයුතු කරමින් යනවා.වසර ගණනාවක් බැට කාපු අපේ ජනතාවට ප්රතිලාභ දෙන්නේ කොහොමද කියන එක තමයි අපේ පළමුවෙනි අභියෝගය.තාම අපි ආර්ථික අර්බුදයෙන් එළියට ආවේ නැහැ.නමුත් අපි පුළුවන් හැම මොහොතෙම ජනතාවට සහන දෙන්න ප්රතිලාභ දෙන්න කටයුතු කරමින් යනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී මුතු රත්වත්තේ මහතා ඇතුළු මහජන නියෝජිතයන්, පාක්ෂිකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.