Home » රාජ්‍ය නිල­ධා­රීන්ට හෝ පොලී­සි­යට බල­පෑම් කරන යුගය අපි අව­සන් කළා

රාජ්‍ය නිල­ධා­රීන්ට හෝ පොලී­සි­යට බල­පෑම් කරන යුගය අපි අව­සන් කළා

අග­මැ­තිනිය අම්පා­රේදී කියයි

by Gayan Abeykoon
March 12, 2025 4:03 pm 0 comment

නුවන් කොඩි­කාර

පාල­ක­යන්ට අවශ්‍ය ලෙස වෙනස් කර තිබූ මේ රටේ සියලු පද්ධති ජනතා සේවය වෙනු­වෙන් රජය ක්‍රමා­නු­කූ­ලව වෙනස් කර­මින් යන බව ආචාර්ය,හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැවැ­සූ­වාය.

අම්පාර ප්‍රදේ­ශයේ පැවති කාන්තා හමුව අම­ත­මින් අග­මැ­ති­නිය මේ බව සඳ­හන් කළාය.

මේ රටේ රාජ්‍ය සේවය දේශ­පා­ල­නය විසින් කඩා වට්ටලා තිබු­ණත්,අද ඒ සේව­යට ගෞර­ව­යක් ඇති­වන පරි­ස­රය හදලා,ස්වාධි­නව වැඩ කරන්න පරි­ස­රය හද⁣ලා මෙවර අය­වැ­යෙන් වැටුප් වැඩි කිරී­ම­ටත් කට­යුතු කළ බව අග­මැ­ති­නිය පැව­සු­වාය.

අග­මැ­ති­ව­රිය වැඩි­දු­ර­ටත් මෙසේද ප්‍රකාශ කළාය.

ඔබ අහලා බලන්න පසු­ගිය මාස පහේ අපේ මන්ත්‍රී­ව­රු­න්ගෙන් එක දුර­ක­ථන ඇම­තු­මක් ආවද කියලා, රාජ්‍ය නිල­ධා­රීන්ට හෝ පොලී­සි­යට මේක කරන්න එපා,මෙහෙම කරන්න  කියලා.එහෙම වෙලා නෑ. අපි ඒ සංස්කෘ­තිය වෙනස් කරලා තියෙන්නේ.දැන් රටේ සියලු දෙනාට නීතිය සමා­නව ක්‍රියා­ත්මක වෙනවා.ජන­තා­වට දැනෙන්න පටන් අරන් අපේ රටට නීති­යක් තියෙ­නවා කියලා.මේ විදි­හට  ක්‍රමා­නු­කූ­ලව රටේ සියලු සේවා නිවැ­රදි පැත්තට හර­ව­මින් යන්නේ.

මේ රටේ තිබුණ සියලු පද්ධ­තීන්,හර­වලා තිබුණේ  පාල­ක­යන්ගේ ආර­ක්ෂා­වට.පාල­ක­යන්ට ඕනෑ විදි­හට වැඩ කරන්න.අද අපි ක්‍රමා­නු­කූ­ලව මේ පද්ධ­තිය ජන­තා­වගේ ආර­ක්ෂා­වට,ජන­තා­වට සේවා­වක් කරන තැනට වෙනස් කර­මින් යනවා.මේක පැය විසි­හ­ත­රෙන් සීය­යට සීයක් හදන්න බැහැ.ඒකට කාල­යක් යනවා.අවු­රුදු ගණ­නක් මේ රටේ ජන­තාව පුරුදු වුණ ක්‍රම­යක් තියෙ­නවා.මේක වෙනස් වෙන්න ඕනෑ.මිනිස්සු එක දව­සෙන් වෙනස් වෙන්නේ නැහැ.හැබැයි ඒ වෙනස් වීමට අවශ්‍ය නාය­ක­ත්වය,මඟ පෙන්වීම,ආද­ර්ශය අපි දෙමින් තිබෙ­නවා. ඒ නිසා අපට විශ්වා­සයි මේ රට හරි දිශා­වට හර­වන්න පුළු­වන් කියලා.

අද අපි පොඩි හරි වැරැ­ද්දක් කිය­න­විට,පොඩි හරි වැරැ­ද්දක් කර­න­විට විප­ක්ෂ­යෙන් ලොකු  සද්ද­යක් ඇහෙ­නවා.අපි කැම­තියි ඒකට.මිනිස්සු බලා­පො­රොත්තු වුණේ මේ දේශ­පා­ලන සංස්කෘ­ති­ය­ටයි. මෙච්චර කාල­යක් තීන්දු තීරණ ගන්න මැලි ⁣වුණ, කොන් වුණ පිරිස දැන් ආපහු එළි­යට එන්න පටන් අර­ගෙන.අපි එකතු වෙලා,කතා කරලා සහෝ­ද­රි­යන්ගේ ගෙව­ල්වල පොඩි පොඩි කණ්ඩා­යම් හැටි­යට එකතු වෙලා,කිලෝ­මී­ටර් ගණන් ඇවි­දලා,කඳුළු ගෑස් පාර­වල් වැදිලා,ජල ප්‍රහාර වැදිලා අමි­හිරි අත්දැ­කීම් ගොඩාක් එක්කයි මෙතැ­නට ඇවිත් ඉන්නේ.ඒ නිසා ඔබ සෑම දෙනෙක්ම මේ ජය­ග්‍ර­හ­ණයේ කොට­ස්ක­රු­වන්. මෙච්චර කාල­යක් අපි ප්‍රති­පත්ති ගැන කතා කළා. ඒත් ක්‍රියා­ත්මක කරන්න බල­යක් තිබුණේ නෑ.ඒ බලය දැන් අපට ලැබිලා තිබෙ­නවා.ඒ සමඟ අපේ ප්‍රති­පත්ති එකින් එක ක්‍රමා­නු­කූ­ලව අපට මේ රටේ කරන්න පුලු­වන් වෙලා තිබෙ­නවා.අපේ රජයේ පළමු අය­වැ­යෙන් ඉදිරි මාස අටක සැලැස්ම අපි ඉදි­රි­පත් කර තිබෙ­නවා.ඒ තුළින් රට ගෙනි­යන්න ඕනෑ නිවැ­රදි දිශා­වට අඩි­තා­ලම දාන්න අපි කට­යුතු කර­මින් යනවා.වසර ගණ­නා­වක් බැට කාපු අපේ ජන­තා­වට ප්‍රති­ලාභ දෙන්නේ කොහො­මද කියන එක තමයි අපේ  පළ­මු­වෙනි අභි­යෝ­ගය.තාම අපි ආර්ථික අර්බු­ද­යෙන් එළි­යට ආවේ නැහැ.නමුත් අපි පුළු­වන් හැම මොහො­තෙම ජන­තා­වට සහන දෙන්න ප්‍රති­ලාභ දෙන්න කට­යුතු කර­මින් යනවා.පාර්ලි­මේන්තු මන්ත්‍රී මුතු රත්වත්තේ මහතා ඇතුළු මහ­ජන නියෝ­ජි­ත­යන්, පාක්ෂි­ක­යන් විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT