Home » ජනතා මුදල් භාවි­ත­යේදී දේව කාර්ය­යක් ලෙස සලකා ක්‍රියා කරන බවට සහ­තික වෙනවා

ජනතා මුදල් භාවි­ත­යේදී දේව කාර්ය­යක් ලෙස සලකා ක්‍රියා කරන බවට සහ­තික වෙනවා

තරුණ ලාංකේය ව්‍යව­සා­යක මණ්ඩ­ලයේ 26 වන සමු­ළු­වේදී ජන­පති කියයි

by Gayan Abeykoon
March 12, 2025 4:04 pm 0 comment

උපාලි කරු­ණා­රත්න සහ ජය­සිරි මුණ­සිංහ

ලෝක වෙළෙ­ඳ­පොළේ ශ්‍රී ලංකා ව්‍යව­සා­ය­ක­යන්ගේ කොටස අත්පත් කර ගැනී­මට අවශ්‍ය සහාය ලබා දීමට සැල­සුම් කර ඇති බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ කොළඹ ෂැංග්‍රිලා හෝට­ලයේ පෙරේදා (10) පැවති  තරුණ ලාංකේය ව්‍යව­සා­යක මණ්ඩ­ලයේ 26 වන සමු­ළු­වට එක්වෙ­මිනි.

තානා­ප­ති­ව­රුන් සහ ව්‍යව­සා­ය­ක­යන් ඒකා­බද්ධ කිරීමේ ක්‍රියා­ව­ලි­යක් යටතේ ලෝක වෙළෙ­ඳ­පොළ තර­ණය කිරී­මට ශක්ති­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ආණ්ඩුව සතු බව ද ජනා­ධි­ප­ති­ව­රයා එහිදී පෙන්වා දුන්නේය. ජන­තා­වගේ සෑම රුපි­ය­ලක්ම භාවිත කිරී­මේදී දේව කාර්ය­යක් ලෙස සලකා කට­යුතු කරන බවට තම රජය සහ­තික වන බව ද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කළේය.

ආයෝ­ජ­ක­යන්ට කිසිම කොමිස් මුද­ලක් ලබා­දී­මෙන් තොරව ආයෝ­ජ­නය කළ හැකි පරි­ස­ර­යක් නිර්මා­ණය කර ඇති බව ද ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

එබැ­වින් වත්මන් රාජ්‍ය පාල­නය අව­සා­න­යේදී විනා­ශ­කාරී දේශ­පා­ල­න­යක් නැවත ඇති නොවන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙහිදී තහ­වුරු කර සිටි­යේය.

තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථි­කය වෙනු­වට යම් තර­මක නිද­හස් චල­න­යක් ඇති ආර්ථි­ක­යක් නිර්මා­ණය කිරී­මට මෙවර අය­වැ­යෙන් කට­යුතු කර තිබෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය.

ආර්ථි­ක­යෙහි  නිද­හස් චල­න­යක් ඇති­කි­රී­මෙන් යම් සංව­ර්ධන වේග­යක් අත්පත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා ඊට සරි­ලන පරිදි ආර්ථි­ක­යට විශාල කම්ප­න­යක් නොදැ­නෙන ලෙස මෙවර අය­වැය සකස් කළ බවද කියා සිටි­යේය. ආර්ථි­කය පිළි­බඳ තීන්දු තීරණ ගැනී­මේදී රුපි­ය­ලට දරා­ගත නොහැකි තෙර­පු­මක් ඇති නොවන සේ කට­යුතු කිරී­මට  වත්මන් රජය සංවේදී වූ බවත්, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ  නිර්දේ­ශ­ව­ලට අනු­කූ­ලව ද  යම් යම් තීන්දු ගැනී­මට සිදු වූ බවත් ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී සඳ­හන් කළේය.

ආර්ථි­කය පිළි­බඳ විශ්වා­සය බිඳ­වැ­ටුණු රාජ්‍ය­යක එම විශ්වා­සය යළි ඇති කිරී­මට වත්මන් රජය නිවැ­රදි තීන්දු තීරණ ගෙන ඇති බවත්, ඒ නිසා බංකො­ලොත් වූ රාජ්‍යය නිල වශ­යෙන් බංකො­ලො­ත්භා­ව­යෙන් මුදා­ගැ­නී­මට හැකි වූ බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය කළේය.

රජය ගෙන යන ආර්ථික වැඩ­පි­ළි­වෙළ නිසා ජපන් රජ­යෙන් නවතා තිබූ ආර්ථි­ක­මය වශ­යෙන් වැද­ගත් වන  ව්‍යාපෘති 11ක සහ චීන රජ­යෙන් නවතා තිබූ ව්‍යාපෘති 76ක වැඩ නැවත ආරම්භ කිරී­මට කට­යුතු කර ඇත. සැල­කිය යුතු ප්‍රමා­ණ­ය­කින් ආර්ථික ස්ථායී­ත්ව­යක් ආයෝ­ජ­ක­යන් වෙත ලබා දීමට වත්මන් රජය මේ වන විටත් කට­යුතු කර තිබේ. එබැ­වින්, මන්නා­රමේ මෙගා­වොට් 50ක සුළං විදුලි බලා­ගා­ර­යක් ඉදි­කි­රී­ම­ටත්, පුන­ර්ජ­න­නීය බල ශක්තිය වෙනු­වෙන් මහා පරි­මාණ ආයෝ­ජන රැගෙන ඒම­ටත් වත්මන් රජ­යට හැකිව තිබේ.

එසේම, තරුණ ව්‍යව­සා­ය­ක­යන්ට ශ්‍රී ලංකාවේ පම­ණක් නොව ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළ­ටත් පියමං කිරී­මට අවශ්‍ය ශක්තිය ලබා­දී­මට වත්මන් රජය සූදා­නම් බවද ජනා­ධි­ප­ති­ව­රයා කියා සිටි­යේය.

ලංකාවේ ප්‍රබ­ල­තම දේශ­පා­ලන ස්ථාව­ර­ත්වය සහිත පාල­නය සිය රජය විසින් ගොඩ­න­ඟනු ලැබ තිබෙන බව ප්‍රකාශ කළ ජනා­ධි­ප­ති­ව­රයා, මෙතෙක් කල් බිහි වූ පාර්ලි­මේන්තු තුළ මෙරට පුර­වැ­සියා දුටුවේ වරෙක විප­ක්ෂය නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රයා පසුව ආණ්ඩු පක්ෂය නියෝ­ජ­නය කිරී­මත්, වරෙක ආණ්ඩුව නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රයා හිටි හැටියේ විප­ක්ෂය නියෝ­ජ­නය කිරී­මත් බවද පැව­සීය. එවැනි තත්ත්ව­යක් වත්මන් පාර්ලි­මේ­න්තුවේ නොමැති බව පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා ආණ්ඩුව හා විප­ක්ෂය යනු­වෙන් නිශ්චිත වෙන්වී­මක් ඇති බව ද පෙන්වා දුන්නේය. එය දේශ­පා­ලන ස්ථාව­ර­භා­වය පෙන්වී­මට හොඳම නිද­සු­නක් බවද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා  කියා සිටි­යේය. ආද­ර්ශ­වත් දේශ­පා­ල­න­යක් ශ්‍රී ලංකාවේ මේ වන විට ආරම්භ කර ඇති බව ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙහිදී සිහි­පත් කළේය.

රජයේ මැති­ඇ­මැ­ති­වරු, රාජ්‍ය තාන්ත්‍රි­කයෝ සහ තරුණ ව්‍යව­සා­ය­කයෝ පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT