Wednesday, April 9, 2025
Home » ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ රැකි­යා­ව­ලට 1,082ක් පිටත්ව ගිහින්

ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ රැකි­යා­ව­ලට 1,082ක් පිටත්ව ගිහින්

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ගතවූ කාලයේ ශ්‍රී ලාංකි­ක­යන් 6,160කට ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබේ.

ඊශ්‍රා­යල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති­කර ගත් අව­බෝ­ධතා ගිවි­සුම අනුව ශ්‍රී ලාංකි­ක­යන් 6,160 දෙනෙකු සඳහා ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිව තිබෙන අතර 2025 වසරේ ජන­වාරි සිට මේ දක්වා ගතවූ කාලයේ ශ්‍රී ලාංකික තරු­ණ­යන් 1,082 දෙනෙකු ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් රැකි­යා­ව­ලට පිටත්ව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය පව­සයි.

මේ අතර, ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකි­යා­ලා­භීන් 41 දෙනෙකු වෙත ගුවන් ටික­ට්පත් පිරි­නැ­මීම විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති කෝශල වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදුවූ අතර මේ පිරිස එදි­නම ඊශ්‍රා­ය­ලය බලා පිටත්ව ගියහ. එසේම තවත් 177 දෙ‍ෙනක් ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් රැකි­යා­ව­ලට පිටත්ව යෑමට සූදා­න­මින් සිටිති.

නිපු­ණතා සහිත ශ්‍රමි­ක­යන් ඉහළ වැටුප් සහිත වෘත්තීය රැකියා සඳහා විදේ­ශ­ගත කිරී­මට කාර්යාං­ශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමි­ක­යන් රැකියා සඳහා විදෙස් රට­ව­ලට යොමු කිරී­මට මේ වන­විට කට­යුතු කර­මින් පව­තියි.

සාම්ප්‍ර­දා­යික රාමු­වෙන් බැහැ­රට යමින් යුරෝ­පානු හා නැඟෙ­න­හිර ආසි­යානු රට­ව­ලට ශ්‍රමි­ක­යන් යොමු­වීමේ ප්‍රව­ණ­තා­වක් ද පසු­ගිය වසර කිහි­පයේ ඇති­වෙ­මින් පව­තින අතර, ඒ අනුව ඊශ්‍රා­ය­ලයේ රැකියා සඳහා යොමු­වී­මට ද ශ්‍රී ලාංකි­ක­යන්ගේ වැඩි උන­න්දු­වක් පව­තින බව විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය පෙන්වා­දෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT