Home » නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

by chanaka
March 12, 2025 3:49 pm 0 comment

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් ද නැද්ද යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (12) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග‍යක් නිකුත් කළාය.

අදාළ නීති කෘත්‍යයට අදාළ නඩු ගොනුව මහාධිකරණයට යොමු කර ඇති බැවින් පරිශීලනය කිරීමට නඩු ගොනුව නොමැති බවත් ලබන මාර්තු මස 26 දින වාර්තාවක් ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් මෙහිදී නියෝග කරනු ලදී.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සිදු කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT