Home » රෝයල් පාර්ක් නඩුවේ වන්දිය ගෙවන්න

රෝයල් පාර්ක් නඩුවේ වන්දිය ගෙවන්න

හිටපු ජනපති මෛත්‍රීට නොතිසි

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

නෙල්කා මැද­ගෙ­දර

වන්දි මුදල ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ තැන්පත් කළා- මෛත්‍රීගේ නීතිඥයෝ කියති

මහත් ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන් රාජ­ගි­රිය,  රෝයල් පාර්ක් මිනී­මැ­රුම් සිද්ධිය සම්බ­න්ධ­යෙන් මර­ණීය දණ්ඩ­නය නිය­මව සිටි ජූඩ් ශාමන්ත ජය­මහ නමැ­ත්තාට දුන් ජනා­ධි­පති සමාව අහෝසි කළ නඩු තීන්දුව මඟින් රුපි­යල් මිලි­ය­න­යක වන්දි­යක් ගෙවන ලෙස අධි­ක­ර­ණය විසින් කරන ලද නියෝ­ගය ක්‍රියා­ත්මක නොකි­රීම සම්බ­න්ධ­යෙන් දඬු­වම් නොකි­රී­මට හේතු ලබන අප්‍රේල් මස 29 වැනිදා අධි­ක­ර­ණය හමුවේ පෙනී­සිට ඉදි­රි­පත් කරන ලෙස  හිටපු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (11) වෙත නොතීසි නිකුත් කළේය.

නඩු තීන්දු ක්‍රියා­ත්මක කිරීම සම්බ­න්ධ­යෙන් වන ප්‍රග­තිය සොයා බැලී­මට එම මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන්  අන­තු­රුව මෙම නොතීසි  නිකුත් කරන ලදි.

එස්. තුරෙ­යි­රාජා,  යසන්ත කෝදා­ගොඩ සහ ජනක් ද  සිල්වා යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම  කැඳ­වනු ලැබිණි.

එහිදී පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සංජීව ජය­ව­ර්ධන මහතා සඳ­හන් කළේ  ඉකුත් 2024 ජූනි මස 06 වැනිදා  මෙම  පෙත්සම සම්බ­න්ධ­යෙන්  දුන් නඩු  තීන්දුව ලබා දුන් බවය.

අදාළ සමා­ව­දීම මඟින් මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කිරීම වෙනු­වෙන් රුපි­යල් මිලි­ය­න­යක වන්දි­යක් පෙත්ස­ම්කාර පාර්ශ්ව­යට මාස­යක් තුළ ගෙවා අව­සන් කරන ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට නියෝග කර තිබූ නමුත්  මෙතෙක්  එවැනි  වන්දි මුද­ලක් ලැබී  නොමැති බව  ඒ මහතා සඳ­හන් කළේය.

එම අව­ස්ථා­වේදී  මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාගේ නම විවෘත අධි­ක­ර­ණය හමුවේ කතා කෙරුණු අතර ඔහු  හෝ ඔහු  වෙනු­වෙන්  නීතිඥ  නියෝ­ජ­න­යක් එම අව­ස්ථා­වේදී  නොති­බුණි.

ඒ අනුව මෙම වන්දි ගෙවීම පැහැර හැරීම සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිට දඬු­වම් නොකි­රී­මට කරුණු  ඉදි­රි­පත් කරන ලෙස දන්වා මෛත්‍රී­පාල සිරි­සේන මහතා වෙත නොතීසි නිකුත් කිරී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නියම කළේය.

මේ අතර මර­ණීය දණ්ඩ­නය නිය­මව සිටි­යදී ජනා­ධි­පති සමාව දීමෙන් අන­තු­රුව රටින් පලා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජය­මහ නමැත්තා  අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා වන රතු  වරෙන්තු ලබා ගැනී­මට මහා­ධි­ක­රණ නියෝ­ග­යක් ලබා ගැනී­මට නීති­ප­ති­ව­රයා  කට­යුතු කර­මින් සිටින බව රජයේ නීතිඥ  සජිත් බණ්ඩාර මහතා එහිදී අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

ඒ සම්බ­න්ධ­යෙන් වන නියෝ­ගය  ඉදිරි සති දෙක තුළ දී ලබා ගැනී­මට අපේක්ෂා කරන බව ද ඔහු සඳ­හන් කළේය.

රටින් පලා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජය­මහ නමැත්තා සිංග­ප්පූ­රුවේ රැඳී සිටින බවට මීට පෙර  තොර­තුරු ලැබුණු බව සඳ­හන් කළ රජයේ නීති­ඥ­ව­රයා මේ වන­විට ඔහු සිංග­ප්පූ­රුවේ නොමැති බවට එරට බල­ධා­රීන් විසින් දැනුම් දී ඇති බව සඳ­හන් කළේය.

ඒ අනුව ඔහු මේ වන­විට  සිටින්නේ කුමන  රටක ද  යන්න  අනා­ව­ර­ණය කර ගැනීම සඳහා  රට­වල් කිහි­ප­යක් සමඟ අවශ්‍ය කට­යුතු කර­මින් සිටින බවට රජයේ නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

කෙසේ වුවද ඒ සම්බ­න්ධ­යෙන් රහ­සි­ගත වාර්තා­වක්  ගොනු කිරීම සඳහා අව­සර ලබා දෙන ලෙස රජයේ නීති­ඥ­ව­රයා  අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

කෙසේ වුවද මෙතෙක් එම වන්දි මුදල් පෙත්ස­ම්කාර පාර්ශ්ව­යට ලැබී නැති බව ද  ඒ මහතා සඳ­හන් කළේය.

එහිදී වග­උ­ත්ත­ර­කාර මෛත්‍රී­පාල සිරි­සේන මහතා වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ෆයි­සර් මුස්තාපා මහතා සඳ­හන් කළේ අදාළ වන්දි මුදල් ගෙවී­මට සිය සේවා­දා­ය­කයා කට­යුතු කර ඇති බවය.

එම වන්දි මුදල් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ ලේඛ­කා­ධි­කාරි කාර්යා­ලයේ තැන්පත් කර ඇති බව ද ඔහු සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT