Tuesday, April 8, 2025
Home » කත­ර­ගම රක්ෂි­තයේ නිවෙස ගැන කිරිවෙහෙරේ හාමුදුරුවන්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි

කත­ර­ගම රක්ෂි­තයේ නිවෙස ගැන කිරිවෙහෙරේ හාමුදුරුවන්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

කත­ර­ගම මැණික් ගඟට යාබ­දව ඇති රජයේ රක්ෂි­ත­ය­කට අයත් ඉඩම් කොට­සක නීති විරෝධි ලෙස ඉදි­කර ඇති  කාමර 12ක් පමණ වූ ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යට අදා­ළව කත­ර­ගම කිරි­වෙ­හෙර රජ­මහා විහා­රා­ධි­පති කොබ­වක ධම්මින්ද හිමි­ය­න්ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඊයේ (11) පැය හතක  පමණ කාල­යක් ප්‍රකා­ශ­යක් සට­හන් කර­ගෙන තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් කත­ර­ගම බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර මහ­තා­ගෙන්  අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පෙරේදා  (10) පැය තුන­හ­මා­රක කාල­යක් ප්‍රකා­ශ­යක් සට­හන් කර­ගෙන තිබුණි.

මෙතෙක් කලක් හිමි­ක­රු­වකු හඳු­නා­ගැ­නී­මට නොහැ­කිව තිබුණු මෙම නි‍ෙවස ඉදි­ක­රනු ලැබුවේ කවු­රු­න්දැයි  එහි දී වාචික සාක්ෂි­ය­කින් හෙළි­ක­රනු ලබන්නේ ඩිෂාන් ගුණ­සේ­කර මහතා විසිනි. ඊට අනුව එම නි‍ෙවස ඉදි­කර ඇත්තේ කත­ර­ගම කිරි­වෙ­හෙර විහා­රා­ධි­ප­තිව වැඩ සිටි අප­වත්වී වදාළ සෝරත හිමි­යන් විසිනි. මහින්ද රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් එම නි‍ෙවස ඉදි­කර ඇත්තේ යුද්ධය අව­ස­න්වී­මෙන් අන­තු­රු­වය.

ඒ සම්බ­න්ධ­යෙන් නිල­මේ­ව­රයා විසින් ලබා­දුන් ප්‍රකා­ශ­වල ඇත්ත නැත්ත ගැන දීර්ඝ ලෙස විම­ර්ශ­න­ය­කට ලක්ක­රන බවත් කත­ර­ගම කිරි­වෙ­හෙර රජ­මහා විහා­රයේ වත්මන් නායක හිමි­ය­න්ගෙන් ප්‍රකා­ශ­යක් සට­හන් කර ගැනී­මට සිදු­වූයේ ඒ නිසා බවත් උසස් පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය.  ප්‍රශ්න­ගත නි‍ෙවස සම්බ­න්ධ­යෙන් නිල­මේ­ව­රයා විසින් පව­සන පුද්ග­ල­යන් මිය­ගොස් සහ රෝගීව සිටින අය බව ද එම නිල­ධා­රියා කීය. මෙම නි‍ෙව­සට විදු­ලිය සහ ජලය ලබා­ගෙන ඇත්තේ ජී. රාජ­පක්ෂ නමැති අය­කුගේ නමිනි. එව­කට කිරි­වෙ­හෙර විහා­රා­ධි­පති විසින් මෙම නි‍ෙවස මහින්ද රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් ඉදි­කළේ නම් විදු­ලිය හා ජලය ලබා­ගැ­නී­මට තිබුණේ විහා­ර­ස්ථා­නයේ නමින් හෝ උන්ව­හ­න්සේගේ නමින් බවත් මේ කියන  ජී. රාජ­පක්ෂ යනු කවු­රු­න්දැයි පැහැ­දි­ලිව අනා­ව­ර­ණය වී නැති බවත් එම නිල­ධා­රියා පැව­සීය.  මේ නි‍ෙවස සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙයට පෙර ප්‍රශ්න කරනු ලැබීය.

මෙම ඉදි­කි­රීම සිදු­කර ඇත්තේ 2010 වස­රට පෙර­දීය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කර ඇති විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ එම ඉදි­කි­රීම් හමු­දාවේ කණ්ඩා­ය­ම­කගේ ශ්‍රම­දා­ය­ක­ත්ව­යෙන් සිදු­කර ඇති බවය. ඉදි­කි­රී­ම්ව­ලින් පසු එම ගොඩ­නැ­ඟිල්ල බලා­කි­යා­ගෙන සිට ඇතැයි පැව­සෙන්නේ නාවික හමු­දාවේ  සාමා­ජි­ක­යෙකි. හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුතකු වන යෝෂිත රාජ­පක්ෂ මහ­තාගේ ආර­ක්ෂා­වට යොදවා සිට ඇතැයි පැව­සෙන්නේ එම නාවික හමුදා සාමා­ජි­ක­යාය. ඒ සම්බ­න්ධ­යෙන් යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන් ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රශ්න කර තිබුණි. යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන් ප්‍රශ්න කිරී­මට පෙර හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පෞද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා වූ මේජර් නෙවිල් වන්නි­ආ­රච්චි මහ­තා­ගෙන් ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රශ්න කළේය.

ප්‍රශ්න කිරී­මට ලක්වූ සෑම අය­කුම පවසා තිබුණේ එම ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් තමන් කිසි­වක් නොදන්නා බවකි.  මහින්ද රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් මෙම නි‍ෙවස ඉදි­කර ඇති බව සඳ­හන් කරන බැවින් ඔහු­ගෙන් ද ඉදි­රියේ දී මේ සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT