Home » රාජ­කාරි වෙලාවේ රට සිග­රට් බෙදූ ග්‍රෑන්ඩ්පාස් පොලී­සියේ කොස්තා­පල් කොටුවේ

රාජ­කාරි වෙලාවේ රට සිග­රට් බෙදූ ග්‍රෑන්ඩ්පාස් පොලී­සියේ කොස්තා­පල් කොටුවේ

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

නීති විරෝධී ලෙස පිට­ර­ටින් මෙර­ටට දුම්වැටි ගෙනැ­විත් තොග වශ­යෙන් බෙදා හැරීමේ ජාවා­ර­මක නිර­තව සිටි ග්‍රෑන්ඩ්පාස් පොලී­සියේ සේවයේ නිර­තව සිටි පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු රුපි­යල් ලක්ෂ 20කට අධික වටි­නා­ක­මක් ඇති දුම්වැටි 18,600ක් සහ වැග­න්ආර් වර්ගයේ රථ­යක් සමඟ පාණ­දුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය විසින් ඊයේ (11) අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

පොලිස් ස්ථානය ආස­න්නයේ දුම්වැටි පිරවූ මෝටර් රථය නත­ර­කර ඔහු රාජ­කා­රියේ නිර­තව සිටින අතර තුර දුම්වැටි අලෙවි කිරීමේ ජාවා­රමේ නිර­තව සිට ඇති බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලී­සියේ ආපන ශාලා­වද පව­ත්වා­ගෙන ගොස් ඇත්තේ මෙම සැක­ක­රුය. ඔහු ආපන ශාලාව තුළද දුම්වැටි සඟ­වා­ගෙන තොග වශ­යෙන් අලෙ­වි­කර ඇති බව ද ප්‍රශ්න කිරීම් හමුවේ අනා­ව­ර­ණය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT