Home » ‘එක්ස්’ සමාජ මාධ්‍ය­ජා­ල­යට සයි­බර් ප්‍රහා­ර­යක්

‘එක්ස්’ සමාජ මාධ්‍ය­ජා­ල­යට සයි­බර් ප්‍රහා­ර­යක්

by Gayan Abeykoon
March 12, 2025 4:01 pm 0 comment

ලොව ලොකුම ධන­වතා වන ඉලෝන් මස්ක්ට අයත් එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලය ගෝලීය වශ­යෙන් බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර ට්විටර් නමින් හඳු­න්වනු ලැබූ එම සමාජ මාධ්‍ය­ජා­ල­යට ප්‍රවේ­ශ­වී­මට නොහැකි බවට ලොව පුරා රට­වල් රැසක එක්ස් ගිණුම් හිමි­යන් පැමි­ණිලි කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලය බිඳ වැටීම සයි­බර් ප්‍රහා­ර­යක් බවට එලෝන් මස්ක් ප්‍රකාශ කර ඇති අතර,  ඊයේ පස්ව­රුවවිට ලොව ඇතැම් කලා­ප­වල එක්ස් මෙහෙ­යුම් යථා තත්ත්ව­යට පත් කිරී­මට හැකිවූ බව එක්ස් සමා­ගම නිවේ­ද­නය කර ඇතැයි ද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT