Home » කවුද මී හරකා?

කවුද මී හරකා?

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

හේ සැර පරුෂ පොලිස් සැර­ය­න්ව­ර­යෙකි. නඩු හබ විභාග කිරී­මේදී වාසි පැත්තට හෝයියා කියන අයෙකි. පොලිස් පොඩ්ඩන්ට අහ­ලින් පහ­ලින් යන්න බැරිය. රැවුම් ගැර­හුම් බොහෝය. පැවරී ඇති රාජ­කා­රි­යට එහා ගිය බල­යක් ආරෝ­ප­ණය කර­ගෙන කට­යුතු කිරීම ඔහුගේ සිරි­තය.ප්‍රදේ­ශයේ කා අත­රත් ඔහු අප්‍ර­සා­ද­යට ලක් වී සිටියේ එබැ­විනි.

දිනක් ප්‍රධාන මාර්ග­යක යතු­රු­පැ­දි­යක් මී ගව­ය­කුගේ ඇඟේ ගැටී­මෙන් අන­තු­රක් සිදුවී තිබුණු අතර, එම අන­තු­රෙන් මී ගවයා එම ස්ථාන­යේම මිය­ගොස් ඇත. අන­තු­රට පත් පුද්ග­ලයා වූ අප කථා­නා­යක තෙමේ කානු­ව­කට විසි වී ගොස් මර­ල­තෝනි දෙමින් සිටි අතර, ඒ ශබ්දය ඇසී­මෙන් පාරේ ගමන් ගත් පිරි­සක් කානුවේ වැටී සිටි පුද්ග­ල­යාට උප­කාර කිරී­මට ලහි ලහියේ එතැ­නට කිට්ටු විය.

කෙඳි­රි­ගා­මින් සිටි අන­තු­රට පත් පුද්ග­ලයා, Òමල්ලිලා මම…. අහ­වල් ………. පොලි­සියේ .. අහ­වල්………. බ්‍රාන්ච් එකේ සාජන්………… මහ­ත්තයාÓ යැයි වේද­නාව පසෙක තබා උඩඟු ලෙස පැව­සීය. මෙයින් තර­මක් නොස­න්සුන් වූ පිරිස ඔහුට උදව් කිරී­මට මැඝි බවක් දැක්වූහ. කුමක් හෝ හේතු­වක් නිසා­වෙන් ඔවුන් ඔහුට උදව් කිරීම ප්‍රති­ක්ෂේප කර එතැ­නින් ඉවත් වූහ.

මඳ වේලා­ව­කින් තවත් පුද්ග­ල­යෙක් අන­තු­රට පත් තැනැ­ත්තාට පිහි­ට­වීම සඳහා එම ස්ථාන­යට ගොස් බැලී­මේදී ඔහු මීට දින කීප­ය­කට පෙර තමාගේ පැමි­ණි­ල්ලක් විභාග කිරී­මට ගොස් අයුතු ලෙස ඔහුට බැණ වැදී අප­හාස කළ පොලිස් නිල­ධා­රියා බව හඳුනා ගත්තත්, ඒ බවක් නොපෙන්වා තමාගේ ත්‍රීරෝද රථ­යෙන්ම ඔහු රෝහල කරා රැගෙන ගොස් අවශ්‍ය වැඩ කර දී ඇත.

පසුව ඔහු ප්‍රදේ­ශයේ පොලි­සි­යට ගොස් ස්ථානා­ධි­ප­ති­ව­රයා හමුවී තුවාල ලබා රෝහ­ල්ගත කළ පොලිස් නිල­ධා­රි­යාගේ පැටි­කි­රිය දිග හැරීය.

කෙසේ හෝ මාස ගණ­නක් ප්‍රති­කාර ලබා සුව වී යළි සේව­යට පැමිණි සාජන් මහතා පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා හමුවී පවසා ඇත්තේ, ‘මී හර­කෙක් නිසා තමා අනූ­න­ව­යෙන් ජීවි­තය බේරුණේ’ යැයි කියා ඇත. එයට පිළි­තුරු දුන් පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා Òජීවි­තය බේරා­ගත්තු එකට සතු­ටුයි. ඒත් තමුන්ගේ බයි­සි­කලේ හැපිලා මැරිච්ච මී හරකා හොඳ පාඩ­මක් උග­න්වලා තියෙ­නවා කවුද මී හරකා කියලා. අද ඉඳ­ල­වත් මහ­ජ­නයා එක්ක ආචා­ර­ශී­ලීව කට­යුතු කරන්න ඉගෙන ගන්නවාÓ යනු­වෙන් පැව­සීය. මේ කතා­වෙන් පස්සේ සැර පරුෂ සැර­ය­න්ව­රයා දකින විට Òකවුද මී හරකාÓ කිය­මින් පොලිස් පොඩ්ඩෝ රහ­සින් විම­ස­න­වාලු.

කැබිති ගොල්ලෑව විශේෂ
හේමන්ත රණ­සූ­රිය 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT