හේ සැර පරුෂ පොලිස් සැරයන්වරයෙකි. නඩු හබ විභාග කිරීමේදී වාසි පැත්තට හෝයියා කියන අයෙකි. පොලිස් පොඩ්ඩන්ට අහලින් පහලින් යන්න බැරිය. රැවුම් ගැරහුම් බොහෝය. පැවරී ඇති රාජකාරියට එහා ගිය බලයක් ආරෝපණය කරගෙන කටයුතු කිරීම ඔහුගේ සිරිතය.ප්‍රදේශයේ කා අතරත් ඔහු අප්‍රසාදයට ලක් වී සිටියේ එබැවිනි.
දිනක් ප්‍රධාන මාර්ගයක යතුරුපැදියක් මී ගවයකුගේ ඇඟේ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබුණු අතර, එම අනතුරෙන් මී ගවයා එම ස්ථානයේම මියගොස් ඇත. අනතුරට පත් පුද්ගලයා වූ අප කථානායක තෙමේ කානුවකට විසි වී ගොස් මරලතෝනි දෙමින් සිටි අතර, ඒ ශබ්දය ඇසීමෙන් පාරේ ගමන් ගත් පිරිසක් කානුවේ වැටී සිටි පුද්ගලයාට උපකාර කිරීමට ලහි ලහියේ එතැනට කිට්ටු විය.
කෙඳිරිගාමින් සිටි අනතුරට පත් පුද්ගලයා, Òමල්ලිලා මම…. අහවල් ………. පොලිසියේ .. අහවල්………. බ්‍රාන්ච් එකේ සාජන්………… මහත්තයාÓ යැයි වේදනාව පසෙක තබා උඩඟු ලෙස පැවසීය. මෙයින් තරමක් නොසන්සුන් වූ පිරිස ඔහුට උදව් කිරීමට මැඝි බවක් දැක්වූහ. කුමක් හෝ හේතුවක් නිසාවෙන් ඔවුන් ඔහුට උදව් කිරීම ප්‍රතික්ෂේප කර එතැනින් ඉවත් වූහ.
මඳ වේලාවකින් තවත් පුද්ගලයෙක් අනතුරට පත් තැනැත්තාට පිහිටවීම සඳහා එම ස්ථානයට ගොස් බැලීමේදී ඔහු මීට දින කීපයකට පෙර තමාගේ පැමිණිල්ලක් විභාග කිරීමට ගොස් අයුතු ලෙස ඔහුට බැණ වැදී අපහාස කළ පොලිස් නිලධාරියා බව හඳුනා ගත්තත්, ඒ බවක් නොපෙන්වා තමාගේ ත්‍රීරෝද රථයෙන්ම ඔහු රෝහල කරා රැගෙන ගොස් අවශ්‍ය වැඩ කර දී ඇත.
පසුව ඔහු ප්‍රදේශයේ පොලිසියට ගොස් ස්ථානාධිපතිවරයා හමුවී තුවාල ලබා රෝහල්ගත කළ පොලිස් නිලධාරියාගේ පැටිකිරිය දිග හැරීය.
කෙසේ හෝ මාස ගණනක් ප්‍රතිකාර ලබා සුව වී යළි සේවයට පැමිණි සාජන් මහතා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී පවසා ඇත්තේ, ‘මී හරකෙක් නිසා තමා අනූනවයෙන් ජීවිතය බේරුණේ’ යැයි කියා ඇත. එයට පිළිතුරු දුන් පොලිස් ස්ථානාධිපතිවරයා Òජීවිතය බේරාගත්තු එකට සතුටුයි. ඒත් තමුන්ගේ බයිසිකලේ හැපිලා මැරිච්ච මී හරකා හොඳ පාඩමක් උගන්වලා තියෙනවා කවුද මී හරකා කියලා. අද ඉඳලවත් මහජනයා එක්ක ආචාරශීලීව කටයුතු කරන්න ඉගෙන ගන්නවාÓ යනුවෙන් පැවසීය. මේ කතාවෙන් පස්සේ සැර පරුෂ සැරයන්වරයා දකින විට Òකවුද මී හරකාÓ කියමින් පොලිස් පොඩ්ඩෝ රහසින් විමසනවාලු.
කැබිති ගොල්ලෑව විශේෂ
හේමන්ත රණසූරිය