මැදහින්නට ජල ප්‍රශ්නයක්
බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් අලකොළඇල්ල ග්‍රාමසේවා වසමේ මැදහින්න ගම්මානයේ පදිංචි ජනතාවට පානිය ජලය සැපසු ජල ව්‍යාපෘතිය වසර දහ තුනක කාලයක සිට අක්‍රිය වීම හේතුවෙන් නිවාස විසිපහක ජනතාව දිගු කාලයක සිට පිරිසිදු පානිය ජල ගැටලුවකට මුහුණ පා සිටිති.
එම ජල ව්‍යාපෘතියේ ජලය සැපයීම වසර 13ක කාලයක් නනර වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ඇළක ඇති රොන්මඩ සහිත බොර ජලය පානය කිරීමට තමන්ට සිදුව තිබෙන බව ජනතාව පවසති. කුඹුරුවලින් ගලාගෙන එන මඩ සහිත ජලය සහ තේ වතු ඇතුළු වගා කටයුතු සඳහා ඉසින රසායනික වල්නාශක, කෘමි නාශක වැනි ශරීරයට අහිතකර දියර වර්ග පවා තමන් මෙලෙස වසර දහතුනක් තිස්සේ පානය කරන ජලයට මිශ්‍ර වෙන බව මැදහින්න ප්‍රදේශයේ පදිංචි ජනතාව කියති.
සම්පත් ප්‍රියනන්දන
බලන්ගොඩ
ජනතා මණ්ඩපය පුවත ඵලදරයි කොටුව දුම්රිය ස්ථානයේ ටිකට් කවුළුව විවෘතයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පසුපස සම්පත් බැංකුව දෙසින් ඇති අංක 20 දරන ටිකට් කවුන්ටරය වසා දමා තිබීම පිළිබඳව පසුගිය සතියේ ජනතා මණ්ඩපය පිටුවෙහි පළ වූ අතර එම පුවත පළවීමෙන් පසු කඩිනමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ බලධාරීන් කටයුතු කිරීම පිළිබඳව ස්තුතිය පළ කරමු.
ජනතා ගැටලු පිළිබඳව අවධානය යොමු කර ඒ පිළිබඳව අවශ්‍ය ප්‍රචාරය ලබා දෙන “දිනමිණ” ජනතා මණ්ඩපය පිටුවද අගය කරමි.
ප්‍රසන්න වෙල්ගම
සමුපකාරය නැවත නංවන්න
බෞද්ධ දර්ශනය, ක්‍රිස්තු ධර්මය, ජාතික ගීය, සමුපකාර ගීතය ලක් පොළවේ සුන්දරත්වය හා සංකලනය වෙමින් වර්ෂ 1912 පුනර්ජීවනය තුළින් සමුපකාර ව්‍යාපාරය ආරම්භ වී 2024 වර්ෂයේ ජූලි 07 දිනට වසර 112ක කාලපරාසයක් ඉතිහාසයේ මුතුන් මිත්තන් සිහිපත් කරමින් 2025 වර්ෂය උදා වී ඇත්තේ ‘පිරිසිදු රටක්’ මනා රාජ්‍ය පාලනයක්, ස්වාභාවික පරිසරයක්, නීරෝගිමත් ජනතාවක්, සමුපකාර සංස්කෘතියක් ගොඩනැඟීම වර්තමාන ආණ්ඩුක්රමයේ පරාර්ථකාමී වගකීම බවට ප්‍රතිඥා දී ඇත.
ප්රජාතන්ත්රවාදී ලක්ෂණ සුහද කාර්ය මණ්ඩල, සමුපකාර දෙපාර්තමේන්තුව හා මහජන බැංකු සම්බන්ධතාව, පොල්ගොල්ල සමුපකාර අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන ආයතනය, විනෝද චාරිකා, සුවිසල් සමුපකාර ගොඩනැඟිලි, සමූප වෛද්‍ය සේවා, සමුපකාර කඩ සමිති, ග්‍රාමීය බැංකු ශාඛා අද වන විට පවතින්නේ දැනට වසර කිහිපයකට ඉහතදී තිබූ තත්ත්වයද යන්න මඳක් ආපසු හැරී බැලිය යුතු නොවේද? මූල්‍ය ආයතන (බැංකු ශාඛා) සාමාන්‍ය තත්ත්වයෙන් පවතී. අද මෙන් එදා ආහාර ද්‍රව්‍ය හිඟතාවක් හෝ මිල ගණන්ද සාමාන්‍ය තත්ත්වයෙන් පැවති නිසා සුළු වැටුපකට හිමිකම් කියමින් සේවයේ නිරතවූ කාර්ය මණ්ඩලයේ ලේ කඳුළු දහඩිය මතින් ඉදිවූ සමිතිවල සිටි මුතුන් මිත්තන්ගේ සේවාවන් අදටත් පවත්වාගෙන යාම ව්‍යාපාරයේ දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.
සමුපකාර ව්‍යාපාරය පිළිබඳව කටයුතු කර ඇත්තේ රොබට් ඕවන් යන කීර්තිමත් පුද්ගලයා විසිනි. ගොවි කම්කරු ජනතාවගේ සමාජවාදී ආර්ථික සැලැස්ම සෝවියට් දේශයේ ව්‍යාප්ත වූයේ සමුපකාර පදනම මුල්කරගෙනය. මෙය අනුගමනය කළ එංගලන්තය, අමෙරිකාව, යුරෝපීය රටවලද ප්‍රංශය, ඩෙන්මාර්කය, ස්වීඩනය රටවලද සමුපකාර ක්‍රමය අනුගමනය කරමින් සිය වෙළෙඳ කටයුතු සංවිධාන කර ගන්නා ලදි.
ලංකාවේද සමුපකාර ආර්ථික ව්‍යාපාරය වර්ෂ 1912 දී ආරම්භ වූ අතර 1914 හා 1939 කාලවලදී පළමු වන හා දෙවන ලෝක සංග්‍රාමය ඇතිවීම නිසා කරදරකාරි තත්ත්වයක් පැනනැඟුණි. ඒ වනවිට අප දිවයින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට ලක්වී තිබුණි. ආහාර ද්‍රව්‍ය විදේශ රටවලින් ලබා ගැනීමේ අපහසුතාවය නිසා මෙම ව්‍යාපාරයට දුෂ්කරතා ඇතිවිය. කෙසේ හෝ අඳුරු කාලසීමාව ගෙවී ගොස් යහපත් කාලයක් උදා වීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1945 සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා එම අමාත්‍යාංශය ද පිහිටුවන ලදි. සමුපකාර කොමසාරිස්, උප කොමසාරිස්තුමන්ලා ඒ ඒ දිස්ත්‍රික්කවල නිරතවීමෙන් ව්‍යාපාරයේ දියුණු මුහුණුවරක් ඇතිවිය. 1972 දිවයින ස්වාධීන ජනරජයක් බවට පත්වීම සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුක්‍රම යුගයේදී සිදුවිය. රෙදිපිළි ඇතුළු සියලු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සමුපකාර හරහා සිදුවීම නිසා සැලකිය යුතු ආර්ථික වර්ධනයක් තුළින් ලාභදායී තත්ත්වයක්ද පැනනැඟුණි. සමුපකාර දෙපාර්තමේන්තු නීතිරීතිවලට අනුකූලව සමිතිවල ලාභය, සමුපකාර අරමුදලටද, අධ්‍යාපනයට ද, ගොඩනැඟිලි නඩත්තුවට ද වෙන් කිරීමෙන් අනතුරුව සේවක තෘප්තිය උදෙසා ඉතිරි ලාභ බෙදාදීමේ ක්රමයක්ද ඇතිකරන ලදි. දිවයිනේ සෑම සමුපකාර සමිතියකින්ම වාගේ අධ්‍යාපන චාරිකා දක්නට ලැබීම සතුටට කරුණකි.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය යුගය තුළ වවෘත ආර්ථික ක්‍රමය නිසා ව්‍යාපාරයේ පසුබෑමට ලක්විය. එම යුගයේ අවසානයත් සමඟ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ සංකල්පය තුළින් සමුපකාර ව්‍යාපාරයේ නව පිටුවක් ආරම්භ වූයේ සමෘද්ධි හා ජනසවිය මෙම වෙළෙඳ සම්ගම්වලට හිමිවීමයි. කම්කරු ජනතාවට මින් සහනයක් ලබාදීම එතුමාගේ කාල පරිච්ඡේදයේදී සිදුවීම අමතක කළ නොහැකිය. දෙනවයි කියූ දිනට පාසල් නිල ඇඳුම් දිවයිනේ පැවති වැඩ වර්ජන ආදිය ලොප් කර දැමීමට එතුමාට හැකිවීම අමතක කළ නොහැකිය. එහෙත්, වැරදිසහගත දේවල් ද මෙම කාලය තුළ සිදුවන්නට ඇත.
අද සමුපකාර සමිති බොහෝමයක් පවතින්නේ තිබෙන ගොඩනැඟිලි පෞද්ගලික වෙළඳුන්ට බදු දී සමිති පවත්වාගෙන යාමයි. කඩ සමිති වැසී ඇත. වර්තමානයේ මූල්‍ය ආයතන වශයෙන් දැකිය හැක්කේ ග්‍රාමීය බැංකු ශාඛා පමණි. සමහර සමිති හොඳ තත්ත්වයේ පවතින බව විජිත හේරත් මැතිතුමා පවසා ඇතත් බදුමත පවත්වාගෙන යාමේ ඉරණමක් සමතිවලට කිසිදිනක උදාවේ යැයි නොසිතන්නට ඇත.
වර්තමාන රජය නිතරම සමුපකාරය ගැන සඳහන් කරන බැවින් මෙම ව්‍යාපාරය ඔසවා තැබීමේ කාර්යභාරය ඉටුකරාවි යැයි කිවහැකිය. දැනට බදුමත දිවෙන සියලුම සමුපකාර ගොඩනැඟිලි නැවත පවරාගෙන සුඛෝපභෝගී (කීල්ස් වැනි වෙළෙඳ ආයතන) වෙළෙඳසල් බව පරිවර්තනය කර නෂ්ටාවශේෂ නමැති අධ්‍යක්ෂ මණ්ඩල ඉවත්කර සමුපකාර දෙපාර්තමේන්තුව හා වෙනත් රාජ්‍ය ආයතනවලින් තිදෙනෙකුගෙන් යුත් පාලක මණ්ඩල පත්කර වනාන්තරවල වල්වැදී ඇති වී මෝල් සමුපකාර සමිතිවලට පවරා සියලුම පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීමේ කර්තව්‍ය සිදුකරනවා නම් සේවක සේවිකාවන්ගේ හා සෑම පාරිභෝගික ජනතාවගේ ප්‍රසාදය රජයට හිමිවෙනවා ඒකාන්තයි.
ඇම්.ජී. සනත්
රත්නපුර
යගිරල ගැන බලන්න
වලල්ලාවිට හදවත බඳු වූ යගිරල රක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ පිහිටි නිවර්තන වැසි වනාන්තර අතරින් ඉහළම වටිනාකමක් ඇති වනාන්තරයකි. පැණියාවල මූකලාන යන නාමයෙන්ද හඳුන්වන යගිරල රක්ෂිත වනාන්තරය ශාක හා සත්ත්ව විවිධත්වය අතින් ඉතා ඉහළ මට්ටමක ඇති වනාන්තරයක්. සිංහරාජය, කන්නෙළිය, රූණා කන්ද වැනි ඉහළ ජෛව විවිධත්වයක් හා සුන්දරත්වයක් ඇති යගිරල රක්ෂිත වනාන්තරය විනෝදාස්වාදය සඳහා සංචාරය කිරීමට වඩා, උචිත වන්නේ අධ්‍යාපනික වශයෙන් ගවේෂණ කටයුතු සිදු කිරීමටය.
යගිරල රක්ෂිත වනාන්තරය 1926 වර්ෂයේ පෙබරවාරි 19 වැනි දින ශ්‍රී ලංකා ආණ්ඩුවේ අංක 7513 ගැසට් පත්‍රය මඟින් ආරක්ෂා වී ඇති වනාන්තරයක්. මෙම වනාන්තරය ග්‍රාම සේවා වසම් 10කට පමණ සීමා වේ.
වනාන්තරය පුරා දිවෙන කුඩා ජල ධාරාවන් විශාල ප්‍රමාණයක් වනාන්තරය හරහා ගලාවිත් බෙන්තර ගංගාව හා එක්වීම සිදුවේ. මෙම වනාන්තරය ආශ්‍රිතව මත්ස්‍ය විශේෂ 22ක් හඳුනාගෙන ඇති අතර ඉන් 7ක්ම ඒකදේශික වීම සුවිශේෂී වටිනාකමක්. ක්ෂිරපායි විශේෂ 36ක්, පක්ෂි විෙශ්ෂ 64ක් හඳුනාගෙන ඇත. සර්ප විශේෂ 27ක් හඳුනාගෙන ඇති අතර ඉන් 7ක්ම ලංකාවේ පමණක්ම දක්නට ලැබෙන විශේෂයන්ය. කටුසු විශේෂ 19ක් අතරින් 5ක් ඒකදේශික විශේෂ වේ. ශාක විශේෂ 152ක් පමණ වාර්තා වී ඇත.
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 4000ක් පමණ වන අතර, වාර්ෂික උෂ්ණත්වය 27c – 28c අතර අගයක පවතී. දෙයියගල ආරණ්‍ය සේනාසනය හා වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනය යන සේනාසන දෙකක් රක්ෂිතය තුළ ඇති අතර, වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනය වෙත රක්ෂිතය මැදින් ඇති මාර්ගයෙන් ගමන් කිරීම වනාන්තරයේ හරස්කඩ පරීක්ෂාවක් සිදුකිරීම වැනිය.
1992 වර්ෂයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් වන ක්ෂේත්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් රක්ෂිත භූමිය තුළ ස්ථාපනය කර ඇති අතර හෙක්ටයාර් 40ක භූමියක් ඒ සඳහා වෙන්කර ඇත.
හිනිදුම හේකොක් කඳුවැටියේ අඩි 2167 පමණ උසකින් ඉතා කුඩා දොළ පහරක් සේ පර්වත අතරින් ගලා බසිනා බෙන්තර නදිය පිටිගල ගඟ, පැලවත්ත ගඟ, තොටස් ඇළ, වැලිපැන්න ඇළ, මූණමල්වත්ත ඇළ ආදී ජල පෝෂක ගංගා, ඇළ දොළ රැසක් එකතු කරගෙන බෙන්තොටින් සයුර සිප ගන්නේ කිලෝ මීටර් 72ක් දුර ගෙවා පැමිණීමෙන් පසුවය.
වර්ග කිලෝ මීටර් 622ක ජල පෝෂක ප්‍රදේශයක් සහිත බෙන්තර ගංගාව වාර්ෂිකව සාගරය වෙත ගෙන යන ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 358ක්. යගිරල තොටහ ප්‍රදේශයේදී යගිරල රක්ෂිතයේ මායිම සීමා වන්නේ මෙම ගංගාවෙනි. ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව තෙත් වර්ෂා වනාන්තරය මෙන්ම කඩොලාන වනාන්තර පිහිටා තිබීම හේතුවෙන් ගංගාව අවට ඉහළ ජෛව විවිධත්වයක් මෙන්ම පාරිසරික විවිධත්වයක් දැකගත හැකිය. ඉතා අලංකාර කඩොලාන වනාන්තර පිහිටා ඇති බෙන්තර ගඟ අවට පක්ෂීන්, උරගයින්, උභය ජීවීන් ඇතුළු සත්ත්ව විශේෂ රැසකට වාසස්ථාන සපයා තිබේ.
කාලයක් එක්ක ජීවිතේ ගැට ගහගන්න රක්ෂිතේට යන එක නවතා ගමේ මිනිසුන් ගඟ පැත්තට හැරුණා. ගඟේ වැලි ගොඩ දාන්න පටන් ගත්තා. වැලි වැඩේ නැගලම ගියා. මුළු ප්‍රදේශයටම අවශ්‍ය වැලි යගිරලින් දෙන්න පටන් ගත්තා. හැම තැනම වැලි තොටුපළ දැම්මා. බෝට්ටුවලින් ගඟ පිරුණා. දවසට ලොරි තිහ හතළිහ ගමට ආවා. වැලිගොඩ දැමීම අතමිට සරු කරන්නක් බවට පත්වුණා.
අලුත් පරම්පරාව රක්ෂිත වනාන්තරයට ආදරය කරන අතර රක්ෂිතය ආරක්ෂා කරන්න උනන්දු වෙති. දැන් ගමට තියෙන ලොකුම ප්‍රශ්නය ගංවතුර. ගමේ මාර්ගය අවුරුදු 40කින් විතර සංවර්ධනය කර නැත. මාර්ගය හොඳටම අබලන්ය. සමහර තැන්වල කුඹුරට වඩා මාර්ගය පහතයි. ගඟේ සාමාන්‍ය ජල මට්ටමයි මාර්ගයේ උසයි එකම මට්ටමක. පැය දෙකක් එක දිගට වැස්සොත් මාර්ගය යට වේ.
මේ තත්ත්වය ගැන නොදන්න දේශපාලන බලධාරීන් රාජ්‍ය නිලධාරින් කළුතර දිස්ත්‍රික්කයේ නැත. අවුරුදු 30කට වඩා වැඩි කාලයක් දේශපාලන බලධාරින් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කළත් විසඳුමක් තාම නැත. අලුත් ආණ්ඩුවට සහයෝගය දුන් රටේ බහුතරයක් ජනතාවගේ ඒ පොදු අරමුණුවලට අමතරව, යගිරල ජනතාවට ඇති ප්‍රධාන බලාපොරොත්තුව තමයි මේ මාර්ගය සංවර්ධනය කිරීම.
යගිරල යනු මහා වටිනාකම් සහිත පිහිටීමක් ඇති ගමකි. ගම අයිනෙන් රක්ෂිතය මායිමෙන් ගලා යන ගඟ සාගරයට එකතු වෙන්නෙ බෙන්තරිනි. බෙන්තර කියන්නෙ සංචාරක නගරයක්. බෙන්තරට එන සංචාරකයෝ ගඟ දිගේ ඉහළට ගේන්න පහසුවෙන්ම පුළුවනි. කඩොලාන පරිසරය නරඹන්න ස්වාභාවික නිවර්තන වැසි වනන්තරය බලන්න සංචාරකයන්ට අවස්ථාව ලබා දෙන්නට හැකියාව තිබේ. යගිරල පිහිටා තියෙන ගෝනගල ලෙස හඳුන්වන විශාල පර්වතය මූලික කරගෙන සංචාරකයන්ට පහසුකම් සපයන්න පුළුවනි. හෝටල් පද්ධතියක් ඉදිකරන්න පුළුවන්නම් ඒක විශාල ආයෝජනයක් වේවි. ගම, රට, දියුණු කරන්න පුළුවන් ශක්තිය ලැබේවි.
වජිර පුලස්ති
යගිරල
දළදා ප්‍රදර්ශනය මහත් පුණ්‍යකර්මයකි
වසර දහසයකට පසුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙහි වැඩසිටින ශ්‍රී දළදා සමිඳුන් වන්දනාමාන කරමින් වැඳ පුදාගැනීම සඳහා බැතිමත් ජනතාව වෙත අවශ්‍ය ඉඩ හසර ලබාදීම පිළිබඳව අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රධාන රජය වෙත ගෞරව පූර්වක භක්ති ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි.
මෙම ස්වර්ණමය වූත් පුණ්‍යමය මහඟු අවස්ථාව රජය විසින් ගරුතර මහා නාහිමිපාණන් වහන්සේලාගෙන් අයදින ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශ කළ හැකිය.
මෙලෙස අව්වැසි නොතකමින් දින ගණන් පොරකමින් තෙරපෙමින් සිටින වන්දනීය ජනතාව වෙත යහපත් චේතනාවෙන් යුතු විවිධ වූ සංවිධාන, ව්‍යාපාරික, සැදැහැවතුන් විසින් ආහාරපානාදියෙන් සංග්‍රහයන්, දන්සල් පැවැත්වීම අගනා කර්තව්‍යයකි. සද්කාර්යයකි. ඇත්තෙන්ම දළදා දැක්ම බොදු ජනතාවට ලැබුණ අතිමහත් අවස්ථාවකි.
සරත් ලියනගේ
රන්මුතුගල
අනතුරකට අතවනන වීර මාවතේ මරුකපොල්ල
දෙපානම වීර මාවතේ ගල්වල පාරට හැරෙන ස්ථානයේ මාර්ගය ගිලා බැස මාස දෙකකට ආසන්නය. එහෙත් මෙතෙක් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
ඒ නිසා මෙම මාර්ගය භාවිත කරනු ලබන ජනතාව මහත් අසීරුතාවට පත්ව සිටිති. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මෙම අනතුරුදායක ස්ථානය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසය.
අශෝක ප්‍රනාන්දු
දෙපානම
සෞභාග්‍යා හොඳ වැඩක්
සෞභාග්‍යා වැඩසටහන යටතේ ස්වයං රැකියාවල නිරත සාමාජිකාවන් සඳහා සෞභාග්‍යා වැඩසටහන හා සම්බන්ධවි සිටින සාමාජිකාවන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ හා පාවහන් සමාගමේ වවුචරයක් ලබාදීම පසුගිය දින ඛෙත්තාරාම ශාඛා පුස්තකාලයේ දී සිදුකරන ලදි.
විදුලි එළි නැති ගණේමුල්ලේ දුම්රියපොළ
ගණේමුල්ල දුම්රිය ස්ථානය යනු දිනකට මගීන් දහස් ගණනක් යන ප්‍රධාන දුම්රිය ස්ථානයකි. එහෙත් මෙම දුම්රිය ස්ථානය රාත්‍රියට අඳුරේය. කොළඹ කොටුව දෙසින් පැමිණෙන මගීන් භාවිත කරනු ලබන පිටවීමේ දොරටු පඩිපෙළට කිසිදු විදුලි ආලෝකයක් නොමැති වීම නිසා රාත්‍රී කාලයේදී මගීන් දැඩි ලෙස අපහසුතාවට පත්වෙති. පඩිපෙළ බැසීමට මගීන් විදුලි පන්දම් හෝ දුරකථන එළි භාවිත කිරීමට සිදුවේ. එනිසා අප ඉල්ලා සිටින්නේ මෙම දුම්රිය ස්ථානයේ පිටවීමේ දොරටු පඩිපෙළ සඳහා විදුලි පහන් සවිකර දෙන ලෙස මගී ජනතාව ඉල්ලා සිටිති.
සමන් ජයකොඩි
ගලහිටියාව-ගණේමුල්ල
වැලිගම අඳුරේ
වැලිගම ආසනයේ වැලිගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සවිකර ඇති වීදි ලාම්පු බොහොමයක් මාස හයකට වැඩි කාලයක සිට අක්‍රිය වී පවතී. මේ පිළිබඳව කිහිප විටක්ම ප්‍රාදේශීය සභාව දැනුම්වත් කළ ද එම වීදි ලාම්පු ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා රාත්‍රි කාලයේ පොදු මහජනතාවට මහත් අසීරුතාවලට මුහුණ පෑමට සිදු වී ඇත.
එහෙත් මේ දක්වා අදාළ වගකිව යුතු බලධාරින්ගේ අවධානය යොමු වී නොමැත. එම නිසා දැන්වත් කඩිනමින් මෙම වීදි ලාම්පු සියල්ල ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් වැලිගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පොදු මහජනතාව ඉල්ලා සිටිති.
වසන්ත ද සිල්වා
වැලිගම