Home » ජනතා මණ්ඩපය

ජනතා මණ්ඩපය

by Gayan Abeykoon
March 12, 2025 4:01 pm 0 comment

මැද­හි­න්නට ජල ප්‍රශ්න­යක්

බල­න්ගොඩ ඉඹුල්පේ  ප්‍රාදේ­ශීය   සභා  බලප්‍රදේ­ශ­යට අයත්  අල­කො­ළ­ඇල්ල ග්‍රාම­සේවා  වසමේ   මැද­හින්න ගම්මා­නයේ  පදිංචි  ජන­තා­වට   පානිය ජලය සැපසු  ජල  ව්‍යාපෘ­තිය   වසර   දහ තුනක  කාල­යක  සිට  අක්‍රිය  වීම  හේතු­වෙන්   නිවාස   විසි­ප­හක  ජන­තාව දිගු  කාල­යක  සිට  පිරි­සිදු  පානිය  ජල  ගැට­ලු­ව­කට  මුහුණ  පා  සිටිති.

එම  ජල  ව්‍යාපෘ­තියේ   ජලය  සැප­යීම   වසර   13ක කාල­යක්    නනර  වීම  හේතු­වෙන්  එම   ප්‍රදේ­ශයේ ඇළක  ඇති  රොන්මඩ  සහිත  බොර  ජලය  පානය  කිරී­මට  තමන්ට  සිදුව  තිබෙන  බව ජන­තාව  පව­සති. කුඹුරුවලින්  ගලා­ගෙන  එන  මඩ  සහිත  ජලය  සහ   තේ  වතු  ඇතුළු   වගා  කට­යුතු සඳහා  ඉසින  රසා­ය­නික වල්නා­ශක, කෘමි  නාශක  වැනි  ශරීර­යට අහි­ත­කර  දියර වර්ග  පවා  තමන් මෙලෙස  වසර  දහ­තු­නක්  තිස්සේ    පානය  කරන  ජල­යට මිශ්‍ර වෙන  බව   මැද­හින්න ප්‍රදේ­ශයේ  පදිංචි ජන­තාව  කියති.

 

සම්පත් ප්‍රිය­න­න්දන 

බල­න්ගොඩ


ජනතා මණ්ඩ­පය පුවත ඵල­ද­රයි කොටුව දුම්රිය ස්ථානයේ ටිකට් කවු­ළුව විවෘ­තයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පසු­පස සම්පත් බැංකුව දෙසින් ඇති අංක 20 දරන ටිකට් කවු­න්ට­රය වසා දමා තිබීම පිළි­බ­ඳව පසු­ගිය සතියේ ජනතා මණ්ඩ­පය පිටු­වෙහි පළ වූ අතර එම පුවත පළ­වී­මෙන් පසු කඩි­න­මින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ බල­ධා­රීන් කට­යුතු කිරීම පිළි­බ­ඳව ස්තුතිය පළ කරමු.

ජනතා ගැටලු පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර ඒ පිළි­බ­ඳව අවශ්‍ය ප්‍රචා­රය ලබා දෙන “දින­මිණ” ජනතා මණ්ඩ­පය පිටු­වද අගය කරමි.

ප්‍රසන්න වෙල්ගම

 

 


සමු­ප­කා­රය නැවත නංවන්න

බෞද්ධ දර්ශ­නය, ක්‍රිස්තු ධර්මය, ජාතික ගීය, සමු­ප­කාර ගීතය ලක් පොළවේ සුන්ද­ර­ත්වය හා සංක­ල­නය වෙමින් වර්ෂ 1912 පුන­ර්ජී­ව­නය තුළින් සමු­ප­කාර ව්‍යාපා­රය ආරම්භ වී 2024 වර්ෂයේ ජූලි 07 දිනට වසර 112ක කාල­ප­රා­ස­යක් ඉති­හා­සයේ මුතුන් මිත්තන් සිහි­පත් කර­මින් 2025 වර්ෂය උදා වී ඇත්තේ ‘පිරි­සිදු රටක්’ මනා රාජ්‍ය පාල­න­යක්, ස්වාභා­වික පරි­ස­ර­යක්, නීරෝ­ගි­මත් ජන­තා­වක්, සමු­ප­කාර සංස්කෘ­ති­යක් ගොඩ­නැ­ඟීම වර්ත­මාන ආණ්ඩු­ක්‍ර­මයේ පරා­ර්ථ­කාමී වග­කීම බවට ප්‍රතිඥා දී ඇත.

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ලක්ෂණ සුහද කාර්ය මණ්ඩල, සමු­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුව හා මහ­ජන බැංකු සම්බ­න්ධ­තාව, පොල්ගොල්ල සමු­ප­කාර අධ්‍යා­පන ආය­ත­නය, ජාතික අධ්‍යා­පන ආය­ත­නය, විනෝද චාරිකා, සුවි­සල් සමු­ප­කාර ගොඩ­නැ­ඟිලි, සමූප වෛද්‍ය සේවා, සමු­ප­කාර කඩ සමිති,  ග්‍රාමීය බැංකු ශාඛා අද වන විට පව­තින්නේ දැනට වසර කිහි­ප­ය­කට ඉහ­තදී තිබූ තත්ත්ව­යද යන්න මඳක් ආපසු හැරී බැලිය යුතු නොවේද?  මූල්‍ය ආය­තන (බැංකු ශාඛා)  සාමාන්‍ය තත්ත්ව­යෙන් පවතී. අද මෙන් එදා ආහාර ද්‍රව්‍ය හිඟ­තා­වක් හෝ මිල ගණන්ද සාමාන්‍ය තත්ත්ව­යෙන් පැවති නිසා සුළු වැටු­ප­කට  හිමි­කම් කිය­මින් සේවයේ නිර­තවූ කාර්ය මණ්ඩ­ලයේ ලේ කඳුළු දහ­ඩිය මතින් ඉදිවූ සමි­ති­වල සිටි මුතුන් මිත්තන්ගේ සේවා­වන් අද­ටත් පව­ත්වා­ගෙන යාම ව්‍යාපා­රයේ දැකිය හැකි විශේෂ ලක්ෂ­ණ­යකි.

සමු­ප­කාර ව්‍යාපා­රය පිළි­බ­ඳව කට­යුතු කර ඇත්තේ රොබට් ඕවන් යන කීර්ති­මත් පුද්ග­ලයා විසිනි. ගොවි කම්කරු ජන­තා­වගේ සමා­ජ­වාදී ආර්ථික සැලැස්ම සෝවි­යට් දේශයේ ව්‍යාප්ත වූයේ සමු­ප­කාර පද­නම මුල්ක­ර­ගෙ­නය. මෙය අනු­ග­ම­නය කළ එංග­ල­න්තය, අමෙ­රි­කාව, යුරෝ­පීය රට­ව­ලද ප්‍රංශය, ඩෙන්මා­ර්කය, ස්වීඩ­නය රට­ව­ලද සමු­ප­කාර ක්‍රමය අනු­ග­ම­නය කර­මින් සිය වෙළෙඳ කට­යුතු සංවි­ධාන කර ගන්නා ලදි.

ලංකා­වේද සමු­ප­කාර  ආර්ථික ව්‍යාපා­රය වර්ෂ 1912 දී ආරම්භ වූ අතර 1914 හා 1939 කාල­ව­ලදී පළමු වන හා දෙවන ලෝක සංග්‍රා­මය ඇති­වීම නිසා කර­ද­ර­කාරි තත්ත්ව­යක් පැන­නැ­ඟුණි. ඒ වන­විට අප දිව­යින බ්‍රිතාන්‍ය අධි­රා­ජ්‍ය­වා­දීන්ගේ ග්‍රහ­ණ­යට ලක්වී තිබුණි. ආහාර  ද්‍රව්‍ය විදේශ රට­ව­ලින් ලබා ගැනීමේ අප­හ­සු­තා­වය නිසා මෙම ව්‍යාපා­ර­යට දුෂ්ක­රතා ඇති­විය. කෙසේ හෝ අඳුරු කාල­සී­මාව ගෙවී ගොස් යහ­පත් කාල­යක් උදා වීමේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් 1945 සමු­ප­කාර සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව හා එම අමා­ත්‍යාං­ශය ද පිහි­ටු­වන ලදි. සමු­ප­කාර කොම­සා­රිස්, උප කොම­සා­රි­ස්තු­මන්ලා ඒ ඒ දිස්ත්‍රි­ක්ක­වල නිර­ත­වී­මෙන් ව්‍යාපා­රයේ දියුණු මුහු­ණු­ව­රක් ඇති­විය. 1972 දිව­යින ස්වාධීන ජන­ර­ජ­යක් බවට පත්වීම සිරිමා බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යගේ ආණ්ඩු­ක්‍රම යුග­යේදී සිදු­විය. රෙදි­පිළි ඇතුළු සියලු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සමු­ප­කාර හරහා සිදු­වීම නිසා සැල­කිය යුතු ආර්ථික වර්ධ­න­යක් තුළින් ලාභ­දායී තත්ත්ව­යක්ද පැන­නැ­ඟුණි. සමු­ප­කාර දෙපා­ර්ත­මේන්තු නීති­රී­ති­ව­ලට අනු­කූ­ලව සමි­ති­වල ලාභය, සමු­ප­කාර අර­මු­ද­ල­ටද, අධ්‍යා­ප­න­යට ද, ගොඩ­නැ­ඟිලි නඩ­ත්තු­වට ද වෙන් කිරී­මෙන් අන­තු­රුව සේවක තෘප්තිය උදෙසා ඉතිරි ලාභ බෙදා­දීමේ ක්‍රම­යක්ද ඇති­ක­රන ලදි. දිව­යිනේ සෑම සමු­ප­කාර සමි­ති­ය­කින්ම වාගේ අධ්‍යා­පන චාරිකා දක්නට ලැබීම සතු­ටට කරු­ණකි.

ජනා­ධි­පති ජේ.ආර්. ජය­ව­ර්ධන රාජ්‍ය යුගය තුළ වවෘත ආර්ථික ක්‍රමය නිසා ව්‍යාපා­රයේ පසු­බෑ­මට ලක්විය. එම යුගයේ අව­සා­න­යත් සමඟ ජනා­ධි­පති ආර්. ප්‍රේම­දාස මහ­තාගේ සංක­ල්පය තුළින් සමු­ප­කාර ව්‍යාපා­රයේ නව පිටු­වක් ආරම්භ වූයේ සමෘද්ධි හා ජන­ස­විය මෙම වෙළෙඳ සම්ග­ම්ව­ලට හිමි­වී­මයි. කම්කරු ජන­තා­වට මින් සහ­න­යක් ලබා­දීම එතු­මාගේ කාල පරි­ච්ඡේ­ද­යේදී සිදු­වීම අම­තක කළ නොහැ­කිය. දෙන­වයි කියූ දිනට පාසල් නිල ඇඳුම් දිව­යිනේ පැවති වැඩ වර්ජන ආදිය ලොප් කර දැමී­මට එතු­මාට හැකි­වීම අම­තක කළ නොහැ­කිය.  එහෙත්, වැර­දි­ස­හ­ගත දේවල් ද මෙම කාලය තුළ සිදු­ව­න්නට ඇත.

අද සමු­ප­කාර සමිති බොහෝ­ම­යක් පව­තින්නේ තිබෙන ගොඩ­නැ­ඟිලි පෞද්ග­ලික වෙළ­ඳුන්ට බදු දී සමිති පව­ත්වා­ගෙන යාමයි. කඩ සමිති වැසී ඇත. වර්ත­මා­නයේ මූල්‍ය ආය­තන වශ­යෙන් දැකිය හැක්කේ ග්‍රාමීය බැංකු ශාඛා පමණි. සම­හර සමිති හොඳ තත්ත්වයේ පව­තින බව විජිත හේරත් මැති­තුමා පවසා ඇතත් බදු­මත පව­ත්වා­ගෙන යාමේ ඉර­ණ­මක් සම­ති­ව­ලට කිසි­දි­නක උදාවේ යැයි නොසි­ත­න්නට ඇත.

වර්ත­මාන රජය නිත­රම සමු­ප­කා­රය ගැන සඳ­හන් කරන බැවින් මෙම ව්‍යාපා­රය ඔසවා තැබීමේ කාර්ය­භා­රය ඉටු­ක­රාවි යැයි කිව­හැ­කිය. දැනට බදු­මත දිවෙන සිය­ලුම සමු­ප­කාර ගොඩ­නැ­ඟිලි නැවත පව­රා­ගෙන සුඛෝ­ප­භෝගී (කීල්ස් වැනි වෙළෙඳ ආය­තන)  වෙළෙ­ඳ­සල් බව පරි­ව­ර්ත­නය කර නෂ්ටා­ව­ශේෂ නමැති අධ්‍යක්ෂ මණ්ඩල ඉව­ත්කර සමු­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුව හා වෙනත් රාජ්‍ය ආය­ත­න­ව­ලින් තිදෙ­නෙ­කු­ගෙන් යුත් පාලක මණ්ඩල පත්කර වනා­න්ත­ර­වල වල්වැදී ඇති වී මෝල් සමු­ප­කාර සමි­ති­ව­ලට පවරා සිය­ලුම පාරි­භෝ­ගික ද්‍රව්‍ය බෙදා­හැ­රීමේ කර්තව්‍ය සිදු­ක­ර­නවා නම් සේවක සේවි­කා­වන්ගේ  හා සෑම පාරි­භෝ­ගික ජන­තා­වගේ ප්‍රසා­දය රජ­යට හිමි­වෙ­නවා ඒකා­න්තයි.

ඇම්.ජී. සනත්

රත්න­පුර


යගි­රල ගැන බලන්න

වල­ල්ලා­වි­ට හද­වත බඳු වූ යගි­රල රක්ෂිත වනා­න්ත­රය ශ්‍රී ලංකාවේ පහ­ත­රට තෙත් කලා­පයේ පිහිටි නිව­ර්තන වැසි වනා­න්තර අත­රින් ඉහ­ළම වටි­නා­ක­මක් ඇති වනා­න්ත­ර­යකි. පැණි­යා­වල මූක­ලාන යන නාම­යෙන්ද හඳු­න්වන යගි­රල රක්ෂිත වනා­න්ත­රය ශාක හා සත්ත්ව විවි­ධ­ත්වය අතින් ඉතා ඉහළ මට්ට­මක ඇති වනා­න්ත­ර­යක්. සිංහ­රා­ජය, කන්නෙ­ළිය, රූණා කන්ද වැනි ඉහළ ජෛව විවි­ධ­ත්ව­යක් හා සුන්ද­ර­ත්ව­යක් ඇති යගි­රල රක්ෂිත වනා­න්ත­රය විනෝ­දා­ස්වා­දය සඳහා සංචා­රය කිරී­මට වඩා, උචිත වන්නේ අධ්‍යා­ප­නික වශ­යෙන් ගවේ­ෂණ කට­යුතු සිදු කිරී­ම­ටය.

යගි­රල රක්ෂිත වනා­න්ත­රය 1926 වර්ෂයේ පෙබ­ර­වාරි 19 වැනි දින ශ්‍රී ලංකා ආණ්ඩුවේ අංක 7513 ගැසට් පත්‍රය මඟින් ආරක්ෂා වී ඇති වනා­න්ත­ර­යක්. මෙම වනා­න්ත­රය ග්‍රාම සේවා වසම් 10කට පමණ සීමා වේ.

වනා­න්ත­රය පුරා දිවෙන කුඩා ජල ධාරා­වන් විශාල ප්‍රමා­ණ­යක් වනා­න්ත­රය හරහා ගලා­විත් බෙන්තර ගංගාව හා එක්වීම සිදුවේ.  මෙම වනා­න්ත­රය ආශ්‍රි­තව මත්ස්‍ය විශේෂ 22ක් හඳු­නා­ගෙන ඇති අතර ඉන් 7ක්ම ඒක­දේ­ශික වීම සුවි­ශේෂී වටි­නා­ක­මක්. ක්ෂිර­පායි විශේෂ 36ක්, පක්ෂි වි‍ෙශ්ෂ 64ක් හඳු­නා­ගෙන ඇත. සර්ප විශේෂ 27ක් හඳු­නා­ගෙන ඇති අතර ඉන් 7ක්ම ලංකාවේ පම­ණක්ම දක්නට ලැබෙන විශේ­ෂ­යන්ය. කටුසු විශේෂ 19ක් අත­රින් 5ක් ඒක­දේ­ශික විශේෂ වේ. ශාක විශේෂ 152ක් පමණ වාර්තා වී ඇත.

වාර්ෂික වර්ෂා­ප­ත­නය මිලි මීටර් 4000ක් පමණ වන අතර, වාර්ෂික උෂ්ණ­ත්වය 27c – 28c අතර අග­යක පවතී. දෙයි­ය­ගල ආරණ්‍ය සේනා­ස­නය හා වැලි­ග­ල්පොත්ත ආරණ්‍ය සේනා­ස­නය යන සේනා­සන දෙකක් රක්ෂි­තය තුළ ඇති අතර, වැලි­ග­ල්පොත්ත ආරණ්‍ය සේනා­ස­නය වෙත රක්ෂි­තය මැදින් ඇති මාර්ග­යෙන් ගමන් කිරීම වනා­න්ත­රයේ හර­ස්කඩ පරී­ක්ෂා­වක් සිදු­කි­රීම වැනිය.

1992 වර්ෂයේ ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලය මඟින් වන ක්ෂේත්‍ර පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­න­යක් රක්ෂිත භූමිය තුළ ස්ථාප­නය කර ඇති අතර හෙක්ට­යාර් 40ක භූමි­යක් ඒ සඳහා වෙන්කර ඇත.

හිනි­දුම හේකොක් කඳු­වැ­ටියේ අඩි 2167 පමණ උස­කින් ඉතා කුඩා දොළ පහ­රක් සේ පර්වත අත­රින් ගලා බසිනා බෙන්තර නදිය පිටි­ගල ගඟ, පැල­වත්ත ගඟ, තොටස් ඇළ, වැලි­පැන්න ඇළ, මූණ­ම­ල්වත්ත ඇළ ආදී ජල පෝෂක ගංගා, ඇළ දොළ රැසක් එකතු කර­ගෙන බෙන්තො­ටින් සයුර සිප ගන්නේ කිලෝ මීටර් 72ක් දුර ගෙවා පැමි­ණී­මෙන් පසු­වය.

වර්ග කිලෝ මීටර් 622ක ජල පෝෂක ප්‍රදේ­ශ­යක් සහිත බෙන්තර ගංගාව වාර්ෂි­කව සාග­රය වෙත ගෙන යන ජල ප්‍රමා­ණය ඝන මීටර් මිලි­යන 358ක්. යගි­රල තොටහ ප්‍රදේ­ශ­යේදී යගි­රල රක්ෂි­තයේ මායිම සීමා වන්නේ මෙම ගංගා­වෙනි.  ගංගා ද්‍රෝණිය ආශ්‍රි­තව තෙත් වර්ෂා වනා­න්ත­රය මෙන්ම කඩො­ලාන වනා­න්තර පිහිටා තිබීම හේතු­වෙන් ගංගාව අවට ඉහළ ජෛව විවි­ධ­ත්ව­යක් මෙන්ම පාරි­ස­රික විවි­ධ­ත්ව­යක් දැක­ගත හැකිය. ඉතා අලං­කාර කඩො­ලාන වනා­න්තර පිහිටා ඇති බෙන්තර ගඟ අවට පක්ෂීන්, උර­ග­යින්, උභය ජීවීන් ඇතුළු සත්ත්ව විශේෂ රැස­කට වාස­ස්ථාන සපයා තිබේ.

කාල­යක් එක්ක ජී‍විතේ ගැට ගහ­ගන්න රක්ෂි­තේට යන එක  නවතා ගමේ මිනි­සුන් ගඟ පැත්තට හැරුණා.  ග‍ඟේ වැලි ගොඩ දාන්න පටන් ගත්තා. වැලි වැඩේ නැග­ලම ගියා. මුළු ප්‍රදේ­ශ­ය­ටම අවශ්‍ය  වැලි යගි­ර­ලින් දෙන්න පටන් ගත්තා. හැම තැනම වැලි තොටු­පළ දැම්මා. බෝට්ටු­ව­ලින් ගඟ පිරුණා. දව­සට ලොරි තිහ හත­ළිහ ගමට ආවා. වැලි­ගොඩ දැමීම අත­මිට සරු කර­න්නක් බවට පත්වුණා.

අලුත් පර­ම්ප­රාව රක්ෂිත  වනා­න්ත­ර­යට ආද­රය කරන අතර  රක්ෂි­තය ආරක්ෂා කරන්න උනන්දු වෙති. දැන් ගමට තියෙන ලොකුම ප්‍රශ්නය ගංව­තුර. ගමේ මාර්ගය අවු­රුදු 40කින් විතර සංව­ර්ධ­නය කර නැත. මාර්ගය හොඳ­ටම අබ­ලන්ය. සම­හර තැන්වල කුඹු­රට වඩා මාර්ගය පහ­තයි. ග‍ඟේ සාමාන්‍ය ජල  මට්ට­මයි මාර්ගයේ උසයි එකම මට්ට­මක. පැය දෙකක් එක දිගට වැස්සොත් මාර්ගය යට වේ.

මේ තත්ත්වය ගැන නොදන්න දේශ­පා­ලන බල­ධා­රීන් රාජ්‍ය නිල­ධා­රින් කළු­තර දිස්ත්‍රි­ක්කයේ නැත. අවු­රුදු 30කට වඩා වැඩි කාල­යක් දේශ­පා­ලන බල­ධා­රින් රාජ්‍ය නිල­ධා­රීන් දැනු­ම්වත් කළත් විස­ඳු­මක් තාම නැත. අලුත් ආණ්ඩු­වට සහ­යෝ­ගය දුන් රටේ බහු­ත­ර­යක්  ජන­තා­වගේ ඒ පොදු අර­මු­ණු­ව­ලට අම­ත­රව, යගි­රල ජන­තා­වට ඇති ප්‍රධාන බලා­පො­රො­ත්තුව තමයි මේ මාර්ගය සංව­ර්ධ­නය කිරීම.

යගි­රල යනු මහා වටි­නා­කම් සහිත පිහි­ටී­මක් ඇති ගමකි. ගම අයි­නෙන් රක්ෂි­තය මායි­මෙන් ගලා යන ගඟ සාග­ර­යට එකතු වෙන්නෙ බෙන්ත­රිනි.  බෙන්තර කියන්නෙ සංචා­රක නග­ර­යක්. බෙන්ත­රට එන සංචා­ර­කයෝ ගඟ දිගේ ඉහ­ළට ගේන්න පහ­සු­වෙන්ම පුළු­වනි. කඩො­ලාන පරි­ස­රය නර­ඹන්න ස්වාභා­වික  නිව­ර්තන වැසි වන­න්ත­රය බලන්න සංචා­ර­ක­යන්ට අව­ස්ථාව ලබා දෙන්නට හැකි­යාව තිබේ. යගි­රල පිහිටා තියෙන ගෝන­ගල ලෙස හඳු­න්වන විශාල පර්ව­තය මූලික කර­ගෙන සංචා­ර­ක­යන්ට පහ­සු­කම් සප­යන්න පුළු­වනි.  හෝටල් පද්ධ­ති­යක් ඉදි­ක­රන්න  පුළු­ව­න්නම් ඒක විශාල ආයෝ­ජ­න­යක් වේවි. ගම, රට,  දියුණු කරන්න පුළු­වන් ශක්තිය ලැබේවි.

 

වජිර පුලස්ති

යගි­රල


දළදා ප්‍රද­ර්ශ­නය මහත් පුණ්‍ය­ක­ර්ම­යකි

වසර දහ­ස­ය­කට පසුව මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගා­වෙහි වැඩ­සි­ටින ශ්‍රී දළදා සමි­ඳුන් වන්ද­නා­මාන කර­මින් වැඳ පුදා­ගැ­නීම සඳහා බැති­මත් ජන­තාව වෙත අවශ්‍ය ඉඩ හසර ලබා­දීම පිළි­බ­ඳව අති­ගරු ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මැති­තු­මන් ප්‍රධාන රජය වෙත ගෞරව පූර්වක භක්ති ප්‍රණා­මය පුද කිරී­මට කැමැ­ත්තෙමි.

මෙම ස්වර්ණ­මය වූත් පුණ්‍ය­මය මහඟු අව­ස්ථාව රජය විසින් ගරු­තර මහා නාහි­මි­පා­ණන් වහ­න්සේ­ලා­ගෙන් අය­දින ලද ඉල්ලී­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස ප්‍රකාශ කළ හැකිය.

මෙලෙස අව්වැසි නොත­ක­මින් දින ගණන් පොර­ක­මින් තෙර­පෙ­මින් සිටින වන්ද­නීය ජන­තාව වෙත යහ­පත් චේත­නා­වෙන් යුතු විවිධ වූ සංවි­ධාන, ව්‍යාපා­රික, සැදැ­හැ­ව­තුන් විසින් ආහා­ර­පා­නා­දි­යෙන් සංග්‍ර­හ­යන්, දන්සල් පැවැ­ත්වීම අගනා කර්ත­ව්‍ය­යකි. සද්කා­ර්ය­යකි. ඇත්තෙන්ම දළදා දැක්ම බොදු ජන­තා­වට ලැබුණ අති­ම­හත් අව­ස්ථා­වකි.

සරත් ලිය­නගේ

රන්මු­තු­ගල


අන­තු­ර­කට අත­ව­නන වීර මාවතේ මරුකපොල්ල

දෙපා­නම වීර මාවතේ ගල්වල පාරට හැරෙන ස්ථානයේ මාර්ගය ගිලා බැස මාස දෙක­කට ආස­න්නය. එහෙත් මෙතෙක් ඒ පිළි­බ­ඳව කිසිදු ක්‍රියා­මා­ර්ග­යක් ගෙන නැත.

ඒ නිසා මෙම මාර්ගය භාවිත කරනු ලබන ජන­තාව මහත් අසී­රු­තා­වට පත්ව සිටිති. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ හැකි ඉක්ම­නින් මෙම අන­තු­රු­දා­යක ස්ථානය ප්‍රති­සං­ස්ක­ර­ණය කර දෙන ලෙසය.

 

අශෝක ප්‍රනාන්දු

දෙපා­න

 

 


සෞභාග්‍යා හොඳ වැඩක්

සෞභාග්‍යා වැඩ­ස­ට­හන යටතේ ස්වයං රැකියාවල නිරත සාමා­ජි­කා­වන් සඳහා සෞභා­ග්‍යා වැඩ­ස­ට­හන හා සම්බ­න්ධවි සිටින සාමා­ජි­කා­වන්ගේ දරු­වන් සඳහා පාසල් උප­ක­රණ හා පාව­හන් සමා­ගමේ වවු­ච­ර­යක් ලබා­දීම   පසු­ගිය දින ඛෙත්තා­රාම ශාඛා පුස්ත­කා­ලයේ දී සිදු­ක­රන ලදි.


විදුලි එළි නැති ගණේ­මුල්ලේ දුම්රි­ය­පොළ

ගණේ­මුල්ල දුම්රිය ස්ථානය යනු දින­කට මගීන් දහස් ගණ­නක් යන ප්‍රධාන දුම්රිය ස්ථාන­යකි. එහෙත් මෙම දුම්රිය ස්ථානය රාත්‍රි­යට අඳු­රේය. කොළඹ කොටුව දෙසින් පැමි­ණෙන මගීන් භාවිත කරනු ලබන පිට­වීමේ දොරටු පඩි­පෙ­ළට කිසිදු විදුලි ආලෝ­ක­යක් නොමැති වීම නිසා රාත්‍රී කාල­යේදී මගීන් දැඩි ලෙස අප­හ­සු­තා­වට පත්වෙති. පඩි­පෙළ බැසී­මට මගීන් විදුලි පන්දම් හෝ දුර­ක­ථන එළි භාවිත කිරී­මට සිදුවේ. එනිසා අප ඉල්ලා සිටින්නේ මෙම දුම්රිය ස්ථානයේ පිට­වීමේ දොරටු පඩි­පෙළ සඳහා විදුලි පහන් සවි­කර දෙන ලෙස මගී ජන­තාව ඉල්ලා සිටිති.

සමන් ජය­කොඩි

ගල­හි­ටි­යාව-ගණේ­මුල්ල


 

වැලි­ගම අඳුරේ

වැලි­ගම ආස­නයේ වැලි­ගම ප්‍රාදේ­ශීය සභා බල­ප්‍ර­දේ­ශයේ සවි­කර ඇති වීදි ලාම්පු බොහො­ම­යක් මාස හය­කට වැඩි කාල­යක සිට අක්‍රිය වී පවතී. මේ පිළි­බ­ඳව කිහිප විටක්ම ප්‍රාදේ­ශීය සභාව දැනු­ම්වත් කළ ද එම වීදි ලාම්පු ප්‍රති­සං­ස්ක­ර­ණය නොකි­රීම නිසා රාත්‍රි කාලයේ පොදු මහ­ජ­න­තා­වට මහත් අසී­රු­තා­ව­ලට මුහුණ පෑමට සිදු වී ඇත.

එහෙත් මේ දක්වා අදාළ වග­කිව යුතු බල­ධා­රින්ගේ අව­ධා­නය යොමු වී නොමැත.  එම  නිසා දැන්වත් කඩි­න­මින් මෙම වීදි ලාම්පු සියල්ල ප්‍රති­සං­ස්ක­ර­ණය කර දෙන මෙන් වැලි­ගම ප්‍රාදේ­ශීය සභා බල­ප්‍ර­දේ­ශයේ පොදු මහ­ජ­න­තාව ඉල්ලා සිටිති.

 

වසන්ත ද සිල්වා

වැලි­ගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT