කවුරු ඔබව ප්රතික්ෂේප කළ ද ඔබ ඔබව ප්රතික්ෂේප නොකළ යුතුය. මුලින්ම ඔබ ඔබට ආදරය කරන්න. අපි අපිට ආදරය නොකර තවත් කෙනෙකුගෙන් ආදරය බලාපොරොත්තු වීම තුළින් සිදුවන්නේ අපි අපිවම විනාශ කර ගැනීමකි. මිනිසුන් අපිව ප්රතික්ෂේප කරන තරමටම නොසලකා හරින තරමටම අපි අපිටම ආදරය කළ යුතුය.
අප ජීවිතයේ බොහෝ අවස්ථාවලදී පසුතැවිලිවීමට හේතුව අපි අපිට ආදරය නොකර ඒ ආදරය තවත් කෙනෙකුට ලබාදී ඔවුන්ගෙන් ආදරය බලාපොරොත්තු වීමයි. සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට හැකි වන්නේ පළමුව ඔබ ඔබට ආදරය කළ පසුව අනෙකාට ආදරය කිරීමෙනි.
අපි බොහෝ අවස්ථාවලදී කරන වැරැද්දක් තමයි අපි තවත් කෙනෙකුට ආදරය ලබාදී නැවත ඔවුන්ගෙන් ආදරය බලාපොරොත්තු වීම.
අපි ජීවිතයේ නැවත නැවතත් සම්බන්ධතාවලින් බැඳෙනු ඇත. ආදරය සොයනු ඇත. මේ සියල්ල අතරේ පුළුවන් තරම් අපි අපිට ආදරය කළ යුතුය. මුළු ලෝකයක් අපිට ආදරය කරන තරමටම අපි අපිව නිර්මාණය කරගත යුතුය. ඔබ ඔබව ගොඩනඟා ගන්න දිනෙක මුළු ලෝකයත් ඔබට ආදරය කරනු ඇත.
ජී. නන්දසිරි
ගෝනවල