Home » ඔබ නොමැ­තිව ජීව­ත්විය නොහැකියි

ඔබ නොමැ­තිව ජීව­ත්විය නොහැකියි

by Gayan Abeykoon
March 12, 2025 4:01 pm 0 comment

කවුරු ඔබව ප්‍රති­ක්ෂේප කළ ද ඔබ ඔබව ප්‍රති­ක්ෂේප නොකළ යුතුය. මුලින්ම ඔබ ඔබට ආද­රය කරන්න. අපි අපිට ආද­රය නොකර තවත් කෙනෙ­කු­ගෙන් ආද­රය බලා­පො­රොත්තු වීම තුළින් සිදු­වන්නේ අපි අපි­වම විනාශ කර ගැනී­මකි. මිනි­සුන් අපිව ප්‍රති­ක්ෂේප කරන තර­ම­ටම නොස­ලකා හරින තර­ම­ටම අපි අපි­ටම ආද­රය කළ යුතුය.

අප ජීවි­තයේ බොහෝ අව­ස්ථා­ව­ලදී පසු­තැ­වි­ලි­වී­මට හේතුව අපි අපිට ආද­රය නොකර ඒ ආද­රය තවත් කෙනෙ­කුට ලබාදී ඔවු­න්ගෙන් ආද­රය බලා­පො­රොත්තු වීමයි.  සම්බ­න්ධතා ශක්ති­මත් කර ගැනී­මට හැකි වන්නේ පළ­මුව ඔබ ඔබට ආද­රය කළ පසුව අනෙ­කාට ආද­රය කිරී­මෙනි.

අපි බොහෝ අව­ස්ථා­ව­ලදී කරන වැරැ­ද්දක් තමයි අපි තවත් කෙනෙ­කුට ආද­රය ලබාදී නැවත ඔවු­න්ගෙන් ආද­රය බලා­පො­රොත්තු වීම.

අපි ජීවි­තයේ නැවත නැව­තත් සම්බ­න්ධ­තා­ව­ලින් බැ‍ඳෙනු ඇත. ආද­රය සොයනු ඇත. මේ සියල්ල අතරේ පුළු­වන් තරම් අපි අපිට ආද­රය කළ යුතුය. මුළු ලෝක­යක් අපිට ආද­රය කරන තර­ම­ටම අපි අපිව නිර්මා­ණය කර­ගත යුතුය. ඔබ ඔබව ගොඩ­නඟා ගන්න දිනෙක මුළු ලෝක­යත් ඔබට ආද­රය කරනු ඇත.

ජී. නන්ද­සිරි

ගෝන­වල

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT