Home » නව ධීවර පනත ගැන අදහස් දක්වන්න මහජනතාවටත් අවස්ථාවක්

නව ධීවර පනත ගැන අදහස් දක්වන්න මහජනතාවටත් අවස්ථාවක්

by chanaka
March 12, 2025 10:21 am 0 comment

යෝජිත නව ධීවර පනත පිළිබඳව අදහස්, යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරීමට මෙම 25වැනිදා දක්වා මහජනතාවට අවස්ථාව හිමිවන බව ධීවර,ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කරයි.

එම අදහස් ,යෝජනා ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ හැකි බවත් මහජන අදහස් ද ඇතිව සැකසෙන නව ධීවර පනත කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා කියයි.

‘පැවැති ධීවර පනතේ නෛතික මෙන්ම වෙනත් අඩුපාඩුකම් බොහෝම තිබුණා .ඒ නිසා නවපනතක් ගෙනඒමට සිදුවුණා.නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමග මෙම ධීවර පනත ගැටෙනවද කියා අප විමසීලිමත් වුණා.මෙය වඩාත් නිවැරදිව සකස් කිරීමට ජනතාවගේ අදහස් යෝජනා විමසන්න අප තීරණය කළා.මේ ක්ෂේත්‍රය ගැන අත්දැකීම් බහුල විද්තුන් ,ධීවර ප්‍රජාව ,ධීවර සංගම් නියෝජිතයින්,ධීවර නායකයන් මෙන්ම මාධ්‍යවේදීන්ටත් ඒ සදහා අදහස් දැක්වීමෙන් යෝජනා ඉදිරිපත් කිරීමෙන් දායක විය හැකියි. ඒ සඳහා මෙම 25දා දක්වා අප කාලය ලබාදී තිබෙනවා. ඉන් පසුව අප ඉතා ඉක්මනින් මෙම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරනවා.ජනතාවාදී ආන්ඩුවක් ලෙස අප මේ කටයුතු සම්පාදනය කළා.අදාල නව ධීවර පනත් කෙටුම්පත ඉදිරි දිනවලදී ධීවර අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරන්නට කටයුතු යොදා තිබෙනවා ‘ යැයිද ඇමැතිවරයා කියා සිටියේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT