Home » මරණයේ වෙළෙන්දෝ
කවරයට වැඩි යමක්...

මරණයේ වෙළෙන්දෝ

by Gayan Abeykoon
March 12, 2025 4:19 pm 0 comment

1947 සිට 1991 දී සෝවියට් සමාජවාදී කඳවුර විසුරුවා හැරීම දක්වා වූ කාලය හැඳින්වෙන්නේ ‘සීතල යුද්ධ’ කාලය ලෙස යි. අමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර ලෝකය බෙදාගැනීමේ යටිබිම් ගත හා මතවාදී උපාය උපක්‍රම සියල්ල මෙම කාලපරිච්ඡේදයට අයත් ය.

ලෝකය බෙදාගැනීමේ මහා බලවතුන්ගේ උපාය උපක්‍රම මේවනතුරුත් නිමාවී නැතත්, එය පැරණි ස්වරූපයෙන් තවදුරටත් නොපවතී.

ට්‍රම්ගේ ගේ පුනරාගමනයෙන් පසු ෂෙලෙන්ස්කිට එරෙහිව ට්‍රම්ප් පුටින්ගේ කරට අත දාගනු ලබයිද? ට්‍රම්ප් ගේ නව විදේශ ප්‍රතිපත්තිය යනු යුක්‍රේනයේ හා මැදපෙරදිග කලාපයේ  තෙල් සම්පත පැහැර ගැනීමේ සුපුරුදු පිළිවෙතේ අලුත් උපාය මාර්ගයක් ද?

මහජන චීන සමූහාණ්ඩුව මේ සියල්ල දෙස නිහඬව බලා සිටිනු ඇත් ද? ඒ කොපමණ කාලයක්ද ?

යුරෝපීය රටවලට ‘යුරෝ’ මත පදනම් වූ නව වෙළෙඳ ඒකාධිකාරියක් සාදා ගැනීමේ සිහිනය ඇස්පනා පිට මියැදෙනු දකින්නට යුරෝපීයන් කැමති වනු ඇත්ද?

සැබවින්ම මේ මොහොතේ භූ දේශපාලන සිතියම බෙහෙවින් අපැහැදිලි ය.

අප සිටින්නේ තෙවෙනි ලෝක යුද්ධය අභිමුව යයි ඇතැම් විද්වතුන් පෙන්වාදෙනු ලබන්නේ මේ බොහෝ කරුණු කාරණා කෙරෙහි අවධානය යොමුකරමිනි. එක් දෙයක් පැහැදිලි ය. සෑම මරණයකටම වටිනාකමක් හිමි ය. එය ලෝක වෙළෙඳපොළේ අලෙවි වනු ඇත. මරණයේ වෙළෙන්දන් අප අතරද සිටිය හැකි ය.  අපටද හොරෙන් අපගේ මරණ වරෙන්තුව ලියා ඇත්දැයි දන්නේ ඔවුන් පමණි.

බියපත් වීමට නොවුණ ද, යක්ෂයා ඇවිදිමින් සිටින වග අප සිහියේ තබා ගත යුතුම ය!

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT