42
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර සිටින මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ.එස්.යූ. ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ. ප්‍රේමශංකර් මහත්වරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (11) දිවුරුම් දුන්හ.ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය.