ශ්‍රී ලංකාවේ ඉදිවූ ප්‍රථම තාක්ෂණවේදී ජාතික විද්‍යා පීඨය සඳහා ප්‍රථම සිසු කණ්ඩායම ඉකුත් දා එම පීඨ පරිශ්‍රයේදී ඇතුළත් කරගනු ලැබීය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සිසුන් ඇතුළත් කරගැනීමේ අවස්ථාවට දහස ඉක්මවූ සිසුන් පිරිසක් රැස්ව සිටීම විශේෂත්වයකි.
දකුණු ආසියාවේ පෙරළියක් සිදුකළහැකි ආකාරයෙන් නවීන උපාංග හා යන්ත්‍රෝපකරණ සහිතව ඉදිකර තිබෙන මෙම පීඨය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ක්‍රියාත්මක සෙසු පීඨවලට එහා ගිය, සංවර්ධනය වෙමින් පවතින සුවිශේෂී විද්‍යාපීඨයක් වන අතර අනෙක් පීඨවලින් ඩිප්ලෝමාවක් ලබාදෙන අතර මෙම පීඨයෙන් පමණක් සිවු අවුරුදු ගෞරව ශාස්ත්‍රවේදී උපාධියක් පිරිනැමීම විශේෂත්වයකි. එහිදී ලේකම්වරයා පීඨ පරීශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරතවූ අතර එහිදී නව සිසුන් කණ්ඩායම ද අධ්‍යයන කාර්යමණ්ඩලය ද සහභාගි කරගනු ලැබීය. එහිදී දැකගත හැකිවූයේ අධි තාක්ෂණික යන්ත්‍රෝපකරණ, යාන වාහන, උපාංග ආදී දියුණු රටවල පවතින මෙවලම් රැසක් අධ්‍යාපනික ඉගෙනුම් ආධාරක ලෙසින් ස්ථාපිත කොට ඇති ආකාරයයි.