Home » තණ­ම­ල්විල මහ­වැලි සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය මිහි­පිට අපා­යක්

තණ­ම­ල්විල මහ­වැලි සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය මිහි­පිට අපා­යක්

බලධාරීන්ට කිව්වට පළක් නෑ

by Gayan Abeykoon
March 11, 2025 4:00 pm 0 comment

සූරි­ය­වැව විශේෂ - නුවන් ජය­සේ­කර

වග­කි­ව­යුතු නිල­ධා­රීන්ගේ නිසි අව­ධා­න­යට ලක් නොවීම නිසා තණ­ම­ල්විල මහ­වැලි සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය දිනෙන් දින අභා­ව­යට යමින් එය අද වන විට මිහි­පිට අපා­යක් බවට පත්ව ඇති බවත් හා එම ගොඩ­නැ­ඟි­ලි­වල ඇතැම් කොටස් ඉතා අනා­ර­ක්ෂිත තත්ත්ව­යක පව­තින බවත් ප්‍රදේ­ශ­වා­සීහු චෝදනා කරති.

එව­කට හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යගේ මාර්ගෝ­ප­දේ­ශ­ක­ත්ව­යෙන් මහ­වැලි සංව­ර්ධන නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රුන් වන ජය­තිස්ස රණ­වීර, ජගත් පුෂ්ප­කු­මාර හා මහ­වැලි අමාත්‍ය මෛත්‍රී­පාල සිරි­සේන යන මැති ඇමැ­ති­ව­රුන්ගේ සහ­භාගිත්ව­යෙන් ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රිය මඟින් ඉදි­ක­රන ලද මෙම සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය වර්ෂ 2000.08.13 වැනි දින මහ­ජන අයි­ති­යට පත් කර තිබේ.

ප්‍රදේ­ශයේ ජන­තාව පව­සන්නේ එව­කට ප්‍රදේ­ශයේ දුවා දරු­වන්ට මෙන්ම සංස්කෘ­තික උත්සව ආදි­යේදී විශාල මෙහෙ­යක් මෙම ස්ථාන­යෙන් සිදු වූ බවත් වර්ත­මා­නය වන විට වග­කි­ව­යුතු කිසි­ව­කු­ගේත් නිසි අව­ධා­න­යක් මෙම ආය­ත­න­යට නොමැති වීම නිසාත් මෙ‍ලෙස දිනෙන් දින විනා­ශ­යට ගොස් ඇති බවයි.

ප්‍රදේ­ශ­වා­සීන් පව­සන්නේ අද වන විට මෙහි ඇති බොහෝ ගොඩ­නැ­ඟි­ලි­වල කොටස් දිරා­පත්ව කැඩී බිඳී ගොස් තිබි­ය­දීත් ළමුන් පවා සහ­භාගි කර­ග­නි­මින් අද­ටද මෙහි විවිධ උත්සව පව­ත්වන බවයි. එමෙන්ම මෙම මධ්‍ය­ස්ථා­නය ඇතු­ළත තැන තැන ඇති කුණු බක්කිද කුණු­ව­ලින් පිරී ජරා­ජීර්ණ තත්ත්ව­යට පත්ව ඇති අතර සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නයේ ඉදි­රි­පිට ඇති මාළු ටැංකි­යද මේ වන­විට මදු­රු­වන් හා විවිධ සතුන්ගේ රජ දහ­නක් බවට පත්ව තිබේ. එමෙන්ම සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය තුළ ඇති ඩෙස් පුටු ඇතුළු උප­ක­ර­ණද විනාශ වී ගොස් තිබේ. සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නයේ ඇතැම් ගොඩ­නැ­ඟිලි තුළ මිය­ගිය සතුන්ගේ මළ­කුණු ද දැකිය හැකිය. එහි ඇති වැසි­කිළි කැසි­කිළි පද්ධ­ති­යට යාමට තියා අහ­ල­කින් නහ­යක් තියා­ගෙ­න­වත් යා නොහැකි ඒවා බවට පත්ව තිබේ. පුදු­ම­යට කරුණ නම් මෙවැනි තත්ත්ව­යක් යටතේ තිබි­ය­දීත් තව­මත් මෙම ආය­ත­නය පිළි­බ­ඳව කිසි­ව­කු­ගේත් අව­ධා­නය යොමු නොවීම බවයි ජන­තාව පව­සන්නේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT